November 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණය තුළදී සැකකරුවන් තිදෙනෙකු ගෙල කපා ගැනීමෙන් දැඩි උණුසුම් තත්ත්වයක්

1 min read

ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේදී විනිසුරුවරයා ඉදිරියේ සැකකරුවන් තිදෙනෙකු තම ගෙල කපා ගැනීමේ සිද්ධියක් හේතුවෙන් අද (28) අධිකරණය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

නඩු විභාගය පැවැත්වෙමින් තිබියදී, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් අතරින් තිදෙනෙකු මෙලෙස තම ගෙල කපාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් අධිකරණය තුළට රුධිරය විශාල වශයෙන් ගලා ගොස් ඇති අතර, එහි සිටි පිරිස අතර දැඩි කලබලකාරී තත්ත්වයක් ද ඇතිව තිබෙනවා.

කලක් නොව, පසුගිය සඳුදා (26) නිලාවේලි ප්‍රදේශයේදී අත්බෝම්බයක් සහ ගිනිඅවියක් ළඟ තබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් පස්දෙනෙකු ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙම සිද්ධිය සිදුව ඇත්තේ.

මෙලෙස ගෙල කපා ගැනීමට උත්සාහ කර ඇත්තේ මුකේෂ්, අජිත්තිරන් සහ රම්සාන් නමැති සැකකරුවන් තිදෙනා බව සඳහන්.

ඉන් මුකේෂ් නමැත්තාගේ ගෙලෙහි ඇති වූ කැපුම් තුවාලය ගැඹුරු වීම හේතුවෙන් අධික රුධිර වහනයක් සිදුව ඇති අතර, ඔහු සිහිසුන්ව ඇද වැටී ඇති බවද වාර්තා වනවා.

පසුව තුවාල ලැබූ සැකකරුවන් තිදෙනා ත්‍රිකුණාමලය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇති අතර, ඔවුන් මේ වන විට සුවයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

ජනප්‍රිය පුවත්  බැසිල්ගේ ඇප මුදල් රාජසන්තක කරයි..

මේ අතර, අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාම දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x