June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සිනොපෙක් ඩො.බි.3.7ක ආයෝජනය ලත් තැනම ලොප්!

1 min read

ජනාධිපති අනුර දිසානායක චීනයේ සංචාරය කරන ලද අවස්ථාවේදී සිනොපෙක් ආයතනයේ තෙල් පිරිපහදු කිරීම් ව්‍යාපෘතියක් හම්බන්තොට වරාය ආශ්‍රිතව ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ. එම ගිවිසුමට අනුව, විවිධ බදු සහන ලබා දෙමින් මෙම ව්‍යාපෘතිය දිරි ගැන්වීමට ද ආණ්ඩුව එකඟ වී තිබේ.

එහෙත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම හේතුකොට ගෙන සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට ලබාදීමට එකඟ වූ බදු සහන සහ දේශිය වෙළෙඳපොළට එම පිරිපහදු කරන ලද තෙල් ලබදීමට එකඟ වූ ප්‍රමාණය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වී තිබේ. මූල්‍ය අරමුදලේ බලපෑම මත, ආණ්ඩුව තමන් එකඟ වූ ඒකී දේවල් දැන් ක්‍රියාත්මක කිරීමට නොහැකි බව දන්වා ඇත.

මේ තත්වය හේතුකොටගෙන ‌ෙඩාලර් බිලියන 3.7ක දැවැන්ත ආයෝජනයක් ශ්‍රී ලංකාවට නොලැබී යාමේ අනතුර මතුව තිබේ.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය පසුගියදා වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය චංචලභාවය හා ආණ්ඩුවේ පවතින මාක්ස්වාදී මුල් නිසා ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම අනතුරුදායක බවයි. විනිවිදභාවය සම්බන්ධව ද ප්‍රශ්න මතුව තිබෙන බවද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

ජනප්‍රිය පුවත්  සැ: 21ට පෙර පළාත් සභා තියනු! ඉන්දියාව අණ කරයි!

මේ තත්වය තුළ 2027 අග සිට විදේශියව ගෙවීමට ඇති ණය ගෙවීම අතිශය දුෂ්කර අභියෝගයක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. එසේ වුවහොත් දෙවන වරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීමේ අනතුරක් ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

ජනක දික්කුඹුර underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Some
Some
8 months ago

Mun wadak karoth ohommamai

සමන්ත කුමාර
සමන්ත කුමාර
8 months ago

ඒ ආතල් එකත් ඉවරයි එහෙනම්

2
0
Would love your thoughts, please comment.x
()
x