October 25, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උද්ධමනය 8.1%යි.. ආහාර උද්ධමනය 6.9%යි..

1 min read

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2026 අගෝස්තු මාසයේ දී 8.1 % ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය 2026 සැප්තැම්බර් මාසය සඳහා ද 8.1% ක් ලෙස නොවෙනස්ව පවතී.

2026 අගෝස්තු මාසයේ දී 6.6 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේ දී 6.9% ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, 2026 අගෝස්තු මාසයේ දී 9.3% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේ දී 9.1% ක් දක්වා අඩු වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x