November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තණමල්විල කිවුල්ආරට වන අලි තර්ජනය උග්‍ර වෙයි

1 min read

තණමල්විල කිවුල්ආර ග්‍රාම නිලධාරී වසමේ මේ දිනවල වන අලි තර්ජනය උග්‍රවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවකට පත්ව සිටිති.

ඊයේ (04) රාත්‍රියේද ගම්මානයට පැමිණි වන අලියෙකු ගම්මානයේ පොල් ගස් රැසක් ඇතුළු වගාවන් කිහිපයකට දැනි හානි කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

වන අලි ගම්මානයට නිරන්තරයෙන් පැමිණීම හේතුවෙන් ජනජීවිත මෙන්ම සිය වගාවන් ආරක්ෂා කර ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

විශේෂයෙන්ම රාත්‍රී කාලයේ පමණක් නොව උදෑසන කාලයේදී ද වන අලි ගම්මානයේ සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන්ගේ දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.

එමෙන්ම වන අලි සහ මිනිසුන් අතර මුහුණට මුහුණ ගැටුම් ඇතිවීමේ අවදානමක් ද මේ වන විට පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් ලෙස ප්‍රදේශයේ විධිමත් විදුලි වැටක් නොමැතිකම බව ගම්වාසීහු පෙන්වා දෙති.

ගැටලුව සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් දැනුවත් කළද මේ දක්වා ඊට කිසිදු පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බවට ද ඔවුහු චෝදනා කරති.

විදුලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් කතාබහ පැවතියද එය තවමත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද ප්‍රදේශවාසීන් සිය කනස්සල්ල පළ කරති.

ජනප්‍රිය පුවත්  පොදු සමාව නිර්දේශ වූ සිරකරුවන්ට තවදුරටත් හිරේම ඉන්න වෙයි…!

තම වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමටත්, ගම්මානයේ ජනතාවගේ සහ වන අලින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමටත් කඩිනම් පියවරක් ගන්නා ලෙස කිවුල්ආර ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x