October 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විශ්‍රාමිකයන් ගැන සොයන ජනපති කොමිසමට දුක්ගැනවිලි 12,000ක්

1 min read

රාජ්‍ය නිලධාරින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිෂන් සභාවට මේ වන විට දුක්ගැනවිලි, ගැටලු, යෝජනා හා පැමිණිලි දොළොස් දහසක් පමණ ලැබී තිබේ.

වැඩිම දුක්ගැනවිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ වසර 2020- 2024 කාලසීමාවේදී විශ්‍රාම ගොස් සිටින නිලධාරින්ගෙනි. දැනට ලැබී තිබෙන යෝජනා හා ගැටලු ඒ ඒ සේවාවන්ට අනුව වෙන්කර අධ්‍යයනය කරන බවත්

යෝජනා ඉදිරිපත් කිරීමට නිශ්චිත කාලයක් ලබා දුන් නමුත් ඉදිරි මාස දෙක ඇතුළත ලැබෙන යෝජනා භාර ගන්නා බවත් එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වුවද දැනට ලැබී තිබෙන යෝජනාවලට අදාළව කොමිෂන් සභාව ගෙන තිබෙන පියවර සම්බන්ධ අතුරු වාර්තාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායකට ලබාදීමටද කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

තවද වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් පවතින සමස්ත තත්ත්වය අධ්‍යයනය කරමින් නව වැටුප් ව්‍යුහයන් යෝජනා කිරීමටද කොමිෂන් සභාව අවධානය යොමුකර තිබේ. ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥ මට්ටමේ නිලධාරින් වෙනුවෙන් විශේෂිත වූ වැටුප්තල හඳුන්වා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයාද පසුගියදා අවධාරණය කර තිබිණි.

ජනප්‍රිය පුවත්  දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

දැනට යෝජනා ඉදිරිපත් කළ පිරිස් කොමිෂන් සභාවට කැඳවා කරුණු සාකච්ඡා කිරීම ආරම්භ කර තිබෙන බවත් එම තත්ත්වය මත කොමිෂන් සභාව දිනපතාම රැස්වන බවත් ඉහත ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ගේ වෘත්තියභාවය ඉහළ නැංවීම සහ නව තාක්ෂණික ප්‍රවණතා හා ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවයේ කුමන ආකාරයකට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් විය යුතුද යන්න සඳහා නිර්දේශ ලබාදීමද කොමිෂන් සභාවට පැවරී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x