කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි..
1 min read
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී තිබේ.
ඒ හේතුවෙන් පවතින අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද දිනයේ කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයට වාහන ඇතුළු කිරීම තහනම් කර ඇති බව කොළඹ නීතිඥ සංගමයේ ලේකම් ලහිරු වෙල්ගම සඳහන් කරයි.
එමෙන්ම අද දිනයේ අධිකරණ කටයුතු ද ක්‍රියාත්මක නොවන බවයි ඔහු දැනුම් දී ඇත්තේ.
ගොඩනැගිල්ලේ ව්‍යුහය තවදුරටත් අස්ථාවර වීමේ අවදානමක් පවතින බැවින් කිසිදු පුද්ගලයෙකු එම ගොඩනැගිල්ලට ඇතුළු නොවන ලෙස කොළඹ නීතිඥ සංගමය දැඩි ලෙස අවවාද කර ඇත.
අද දිනයට නියමිතව තිබූ සියලුම නඩු විභාග 2026 සැප්තැම්බර් 30 වනදා කැඳවීමට නියමිත බවද සඳහන්.
