November 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජ්‍ය ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු ක්‍රියාත්මකයි

1 min read

මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂිත ඒකකයක් පසුගිය මාර්තු මාසයේදී අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ බවය.

ඒ අනුව අදාළ ඒකකය මේ වනවිට තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතුවල නිරතව සිටින බව අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

මේ අතර, 2026 අයවැය යෝජනාවලට අනුකූලව තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝෂික ගෙවීම්වලට අදාළව දීර්ඝ කාලයක් පවතින හිඟ වගකීම් පියවීමට මහා භාණ්ඩාගාරය කටයුතු කරමින් සිටින බව ද සඳහන් වේ.

එම හිඟ වගකීම් පියවීම සඳහා වෙන්කර ඇති රුපියල් බිලියන 5ක මුදලින් රුපියල් බිලියන 2.8ක් 2026 අගෝස්තු මාසය අවසන් වනවිට ගෙවා නිමකර ඇති බවද සඳහන් වේ.

මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් මෙම වසරේ දෙවැනි කාර්තුව තුළ රාජ්‍ය ව්‍යවසාය ක්ෂේත්‍රයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම, සැපයුම් දාමයන්ට බාධා එල්ල වීම සහ ඇණවුම් අවලංගු වීම ඇතුළු ගැටලු රැසක් ඒ අතර වන බව සඳහන් වේ.

ජනප්‍රිය පුවත්  කතරගම අභිනව බස්නායක නිළමේවරයාට එරෙහි බරපතල චෝදනා!

කෙසේ වෙතත්, එම අභියෝග මධ්‍යයේ වුවද ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 51ක් 2026 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 259.3ක සමස්ත ලාභයක් වාර්තා කර ඇති බව ද අමාත්‍යාංශය අනාවරණය කර තිබේ.

එම ව්‍යවසායන් 2025 වසරේ පළමු මාස හය තුළ වාර්තා කර තිබූ සමස්ත ලාභය රුපියල් බිලියන 227.8කි.

ඒ අනුව පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හය තුළ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 51ක සමස්ත ලාභය රුපියල් බිලියන 31.5කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x