November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විශ්වාසභංග යෝජනාව සංශෝධනය කරන්න බැහැ… ඕනෙ නම් “ගරු කතානායකතුමා” කියන යෙදුමෙන් “ගරු” කපල දාන්න පුලුවන්.. – ගයන්ත කරුණාතිලක

1 min read

කතානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් භාරදුන් විශ්වාසභංග යෝජනාව කිසිදු අයුරකින් සංශෝධනය කිරීමට හෝ අලුතින් භාරදීමට සූදානම් නොමැති බවත්, එහි වෙනස් කළ හැකි එකම දෙය වන්නේ “ගරු කතානායකතුමා” යනුවෙන් සඳහන් තැනින් “ගරු” යන වචනය කපා හැරීම පමණක් බවත් ප්‍රධාන විපක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

නියෝජ්‍ය කතානායකවරයාගේ අවධානයට කරුණු ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් වීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට තීරණය වූ බවයි. එමෙන්ම ඒ සඳහා දින දෙක තුනක විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂය ඉල්ලා සිටි බවද ඔහු සිහිපත් කළේය.

කෙසේ වෙතත්, අනතුරුව පැවති පක්ෂ නායක රැස්වීමේදී අදාළ යෝජනාව සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන්නේ නම් ලබන සතියේ විවාදයට ගත හැකි බවට ප්‍රකාශ වී ඇති අතර, ඊට විරෝධය පළ කළ ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය.

“විශ්වාසභංග යෝජනාවක් සංශෝධනය කරන්නැයි නියෝග කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට කිසිදු නෛතික අයිතියක් නැහැ. අපේ යෝජනාව ස්ථාවර නියෝගවලට අනුකූලව ඉතා පැහැදිලිව සකස් කර තිබෙනවා. එහි කිසිවක් වෙනස් කිරීමට ඉඩක් නැහැ. වෙනස් කරන්නම අවශ්‍ය නම් අපිට කළ හැක්කේ ‘ගරු කතානායකතුමා’ යන යෙදුමෙන් ‘ගරු’ කියන කෑල්ල ඉවත් කිරීම පමණයි.”

ජනප්‍රිය පුවත්  වසර 7 කට පසු චීන ජනපති ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x