October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. – ජේෂ්ඨ මාධ්‍යවේදී මෝහන් සමරනායක

1 min read

යුරෝපයේ වීදිවලින් මේ වන විට නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරය බව ජේෂ්ඨ මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක මෝහන් සමරනායක මහතා පවසයි.

Lanka Voice නාලිකාවේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ පසුගිය සැප්තැම්බර් මස මුල් සතියේ සිට ප්‍රංශය කේන්ද්‍ර කරගනිමින් ඇරඹි මෙම විරෝධතා ව්‍යාපාර බෙල්ජියම, ඉතාලිය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වැනි යුරෝපීය රටවල් රැසකට ව්‍යාප්ත වී ඇති බවයි.

ඔක්ටෝබර් 24 වන දින පැරිස් නගරයේ පමණක් පැවති දැවැන්ත පෙළපාලි හේතුවෙන් පුද්ගලයන් දහසකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර උද්ඝෝෂණ මේ වන විට ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගනිමින් පවතී.

යුරෝපය සහ ඇමරිකාව දිව්‍ය ලෝක ලෙස සැලකුවද, අද වන විට එහි සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමකට ජීවන වියදම ඉහළ ගොස් ඇත.

බලශක්ති මිල ඉහළ යෑම සහ උද්ධමනය හමුවේ පාලක පන්තීන් විසින් සුභසාධන වියදම් කප්පාදු කරමින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හේතුවෙන් පහළ මධ්‍යම පන්තිය සහ කම්කරු ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව සමරනායක මහතා පෙන්වා දෙයි.

රුසියා – යුක්‍රේන යුද්ධය මෙන්ම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ලෝක ආර්ථිකයට සහ යුරෝපයේ බලශක්ති සැපයුමට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, බටහිර පාලකයන් මෙම අර්බුද විසඳීමට වඩා අවි නිෂ්පාදනයට සහ යුද්ධ සඳහා විශාල වශයෙන් මුදල් වැය කිරීම හේතුවෙන් ජනතාව තවදුරටත් අන්ත අසරණ වී ඇත.

ජනප්‍රිය පුවත්  චීනය විසින් ඉරානය වෙත නව ගුවන් ආරක්ෂක පද්ධති! අමෙරිකානු බුද්ධි තොරතුරු මත CNN වාර්තා කරයි!

පවතින සමාජ-ආර්ථික ක්‍රමය තුළ තරුණ පරම්පරාව තමන් සමාජයෙන් කොන් වී ඇතැයි යන හැඟීමෙන් පෙළෙන බවත්, මෙම ගැඹුරු ක්‍රමවේදයේ දෝෂ නිවැරදි නොකර හුදු මර්ධනයෙන් පමණක් ගැටළුවට විසඳුම් සෙවිය නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x