නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
1 min read
ඊශ්රායලයේ පසුගිය වසර ගණනාව තුළ පැවැත්වුණු වඩාත්ම තීරණාත්මක සහ වැදගත් මැතිවරණයක ඡන්ද විමසීම අවසන් වී ඇති අතර, මේ වන විට අලුයම් කාලයේ සිටම නිල ඡන්ද ගණන් කිරීමේ සහ ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ තීරණාත්මක කර්තව්යය ආරම්භ වී තිබේ.
කෙසේ නමුත්, සම්පූර්ණ ඡන්ද ප්රතිඵලය තහවුරු කර ගැනීමට තව දින කිහිපයක් ගතවනු ඇතත්, දැනට නිකුත් වී ඇති ඡන්ද විමසීම් අවසන් විමර්ශන (Exit Polls) අනුව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ (Benjamin Netanyahu) පක්ෂයට සැලකිය යුතු පසුබෑමක් සිදුව ඇති බව පෙන්නුම් කරයි.
විදෙස් මාධ්ය වාර්තා කළේ, තවමත් කිසිදු පාර්ශවයකට හෝ සන්ධානයකට පැහැදිලි ආසන බහුතරයක් හිමිව නොමැති අතර, ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්ය බහුතර බලය ලබා ගැනීමට සියලු පාර්ශව අතර දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වී ඇති බවයි.
