යුක්‍රේනයේ යාහොඩින්හිදී දුම්රියකට ඩ්‍රෝන ප්‍රහාරයක් | බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති නූලෙන් බේරෙයි
1 min read
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් (Boris Johnson) ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් රාජ්‍ය තාන්ත්‍රික දුම්රිය යුක්‍රේනයේ යාහොඩින් (Yahodyn) දුම්රිය ස්ථානයෙන් පිටව ගිය විගස, රුසියානු ඩ්‍රෝන යානයක් මඟින් එම ස්ථානයේ තිබූ වෙනත් මගී දුම්රියක එන්ජිමකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්‍රේනයේ කිව් අගනුවර පැවැති Yalta European Strategy (YES) ආරක්ෂක සමුළුවට සහභාගී වී යළි පෝලන්තය දෙසට ගමන් කරමින් සිටි මෙම ප්‍රභූ පිරිස අතර ස්වීඩනයේ හිටපු අග්‍රාමාත්‍ය කාල් බිල්ඩ් (Carl Bildt) සහ අමෙරිකානු CIA සංවිධානයේ හිටපු ප්‍රධානී ඩේවිඩ් පෙට්‍රේයස් (David Petraeus) ද සිටි බව සඳහන්ය.
කෙසේ වෙතත් කාලසටහනේ සිදුකළ හදිසි වෙනස්කම් හේතුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැගත් දුම්රිය නියමිත වේලාවට පෙර පිටවීම හේතුවෙන් ප්‍රහාරයෙන් ඔවුන් ප්‍රහාරයෙන් බේරී ඇත.
ප්‍රහාරයට ලක්වූ දුම්රියේ සිටි මගීන් ද ප්‍රහාරයට මිනිත්තු 15කට පෙර ඉවත් කිරීමට යුක්‍රේන බලධාරීන් සමත්ව ඇති අතර ඒ හේතුවෙන් මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
ස්වීඩන් අගමැති බිල්ඩ්ට්, පෝලන්තය සමඟ යාහෝඩින්-ඩොරොහුස්ක් දේශසීමා හරස් මාර්ගය අසල යාහෝඩින් දුම්රිය ස්ථානයේ සිදු වූ ප්‍රහාරයේ වීඩියෝවක් X හි බෙදා ගෙන තිබුණි.
