September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එහා ගෙදර බල්ලට-මෙහා ගෙදරට යන්න ලයිෂන් ගන්න වෙයි | සති 06ට වැඩිනම් ලියාපදිංචිය අනිවාර්යයි

1 min read

සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන ජලභීතිකා තුරන් කිරීම හා සුනඛ ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත (“Elimination of Rabies and Registration of Dogs”) පනත් කෙටුම්පත රජය විසින් ගැසට් කර තිබේ.

ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම, සුනඛයන්ට ජලභීතිකා එන්නත ලබාදීම, සුනඛ ලියාපදිංචිය ශක්තිමත් කිරීම සහ වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම නියාමනය කිරීම මෙම නව නීති රාමුවේ ප්‍රධාන අරමුණු වේ.

ඒ අනුව සති 06කට වැඩි වයසැති සුනඛයෙකුගේ හිමිකරු හෝ එවැනි සුනඛයෙකු භාරයේ තබාගෙන සිටින පුද්ගලයෙකු, එම සුනඛයා ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කර වාර්ෂිකව අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතුය.

එම වගකීම ඉටු නොකරන පුද්ගලයෙකුට ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩයක් පැනවීමට යෝජනා කර තිබේ.

අයාලයේ සුනඛයන් ගැනත් විශේෂ අවධානය

නව පනත් කෙටුම්පතේ විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ අයාලයේ හෙවත් නිදැල්ලේ සැරිසරන සුනඛ ගහනය පාලනය කිරීමසම්බන්ධයෙනි.

ඒ යටතේ පළාත් පාලන බල ප්‍රදේශ තුළ සිටින අයාලයේ යන සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීම හෝ පිරිමි සුනඛයන්ගේ ප්‍රජනන හැකියාව පාලනය කිරීම, එම ක්‍රියාවලියෙන් පසු හඳුනාගැනීමේ සලකුණක් යෙදීම, සුවය ලබන තෙක් රැකබලා ගැනීම සහ අනතුරුව ඔවුන් අල්ලාගත් ස්ථානයටම නැවත මුදාහැරීම සම්බන්ධ ප්‍රතිපාදන ඇතුළත් බව වාර්තා වේ.

ජනප්‍රිය පුවත්  මෙහේ අත්සන් කරන්න තිබුණ ගිවිසුම එහේ අත්සන් කරති!

වාණිජ සුනඛ අභිජනනයටත් බලපත්‍රයක්

වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කරන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා අදාළ පළාත් පාලන ආයතනයෙන් බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කිරීමේ ප්‍රතිපාදනද පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබේ.

එවැනි අභිජනන මධ්‍යස්ථානවල සුනඛයන්ට සුදුසු පරිසරයක්, ප්‍රමාණවත් ආහාර හා රැකවරණය, රෝග වැළැක්වීම සහ හදිසි අවස්ථාවල ආරක්ෂාව සැපයීම වැනි කරුණුද නියාමනය කිරීමට යෝජිතය.

ආනයනය කරන සුනඛයන්ට දින 30ක නිරෝධායනයක්

එසේම, මෙරටට ගෙන එන සුනඛයන් අවම වශයෙන් දින 30ක නිරෝධායනයකට යොමු කිරීමට ද නීති පනවා ඇත.

එහිදී වැයවන වියදම් ආනයනකරු විසින් දැරිය යුතු බවත්, නිරෝධායන කාලය තුළ ජලභීතිකා ඇතුළු ආසාදනයක් හඳුනාගතහොත් රජයේ පශු වෛද්‍යවරයෙකුට අවශ්‍ය පියවර ගැනීමට බලය ලැබෙන බවත් වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x