September 25, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ ස්වාධීනත්වයට එල්ල වූ බරපතල තර්ජනයක්.. – අජිත් පී. පෙරේරා

1 min read

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත මගින් රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා සාධාරණත්වයට බරපතල හානියක් සිදුවන බවත්, එය කිසියම් පිරිසකගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයක් බවත් සමගි ජන බලවේගයේ නියෝජිත අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සාධාරණ අධිකරණ ක්‍රියාදාමයට පටහැනි බවත්, එහි දැඩි පරස්පරතාවයක් පවතින බවත්ය.

වත්මන් අග්‍ර විනිශ්චයකාරවරයාගේ ධූර කාලයට අදාළව වසර 6 සීමාව බලනොපාන පරිදි සදහා කර ඇති ව්‍යතිරේකයන් කිසිසේත්ම නීතිමය මූලධර්මවලට අනුකූල නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 70 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා දක්වන අදහස් සම්පූර්ණයෙන්ම වැරදි බවත්, 2015-2019 කාලයේ පැවැති ව්‍යවස්ථා සංශෝධන වාර්තාවල එවැනි යෝජනාවක් කිසිසේත්ම නොතිබූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මහාධිකරණ විනිසුරුවන් පත්කිරීමේදී දිසා විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය නොතකා හැරීම සහ වැඩබලන අග්‍රවිනිශ්චයකාර ධූරය සඳහා වසර 225ක පාරම්පරික සම්ප්‍රදාය කඩ කරමින් ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා මඟහැර කටයුතු කිරීම මගින් ආණ්ඩුව අධිකරණ පද්ධතියට අනිසි බලපෑම් එල්ල කරන බවටද හෙතෙම චෝදනා කළේය.

ජනප්‍රිය පුවත්  අද උදෑසන සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්!

යහපාලන ආණ්ඩු සමයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මහාධිකරණයේ කාඩර් ප්‍රමාණය වැඩි කිරීම, විනිසුරුවරුන්ගේ වේතන දෙගුණ කිරීම මෙන්ම දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීම වැනි සැබෑ ප්‍රතිසංස්කරණ රැසක් ඉටු කළ බව මතක් කර දුන් අජිත් පී. පෙරේරා මහතා

වත්මන් පාලනය පැච් දැමීම්වලින් තොර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට දුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම අමතක කර ඇති බවත් පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x