September 25, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපට මිත්‍යා දෘෂ්ටිකයෝ කිව්වොත් හිරේ දානවා.. – ජෙරම් ප්‍රනාන්දු..

1 min read

දේව වචනය අදහන අයට මිත්‍යා දෘෂ්ටිකයන් යැයි කීමට තහනම් බව බෝන් එගේන් නිකායේ ප්‍රධානී දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසයි.

එසේ ප්‍රකාශ කරන අය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) අනුව සිරගත කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

මෙවැනි රටක එසේ කිව නොහැකි බවත් එසේ කියන අය සිරගත නොවීම තමන්ට පුදුමයක් බවත් ජෙරම් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

දේව මෙහෙයක් අමතමින් දේවගැතිවරයා මේ බව කීය.

මෙයට පෙර බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව මත ජෙරම් ප්‍රනාන්දු ICCPR පනත යටතේ පසුගිය 2023 වසරේදී සිරගත විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x