October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. – විමල් වීරවංශ.

1 min read

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුමකින් යුතුව අද (07) පෙරවරුවේ අලුත් කඩේ උසාවි සංකීර්ණය වෙත ගෙන ආ අවස්ථාවේ ඊට විරෝධය පෑමට එක් රැස්වූ මහා සංඝරත්නයේ හා පොදු ජනතාවගේ නිහඬ විරෝධතාවයට එක්වෙමින් වීරවංශ මහතා මාධ්‍ය අමතමින් මෙම අදහස ප්‍රකාශ කළ අතර අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් පුනරුද ආණ්ඩුව මේ ගලවා දැමුවේ හුදු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර නොව, මුළු මහත් සකල ලෝකවාසී මහා සංඝරත්නයේම “බුද්ධ චීවරය” බව ප්‍රකාශ කළේය.

අතීතයේ මේ රට පාලනය ඉංග්‍රීසි යටත් විජිත සමයේ පවා මහරැජිණගේ නීතිය හමුවේ වැරදිකරුවන් වූ අභීත බුද්ධ පුත්‍රයන් වහන්සේලාට රැජිනගේ නීතිය යටතේ දඬුවම් ලබා දෙද්දී බුද්ධ චීවරය ඉවත් කරන්නට උත්සාහ දැරුවද, මහා සංඝරත්නයේ විරෝධය හමුවේ එම උත්සාහයන් පවා අකුලාගත් අවස්ථා ඉතිහාසයෙන් ගෙනහැර පාමින් විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ අනුර කුමාර දිසානායකගේ නිවට පාලනය ඊටත් එහා ගොස් මේ රටේ බෞද්ධයාගේ පරම අයිතිය හා බෞද්ධ සම්ප්‍රදාය විනාශ කරන්නට කටයුතු කරමින් සිටින බවයි…

ජනප්‍රිය පුවත්  ඉරානයට එරෙහි යුද ගැටුම් දින පහක් අත්හිටුවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්!

“1942 උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ, මේ රටේ හිටපු ඉතාම කීර්තිමත්, සටන්කාමී ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව කරපු ප්‍රකාශයක් පදනම් කොටගෙන, අත්අඩංගුවට අරගෙන සිරගත කළා. උන්වහන්සේ තමන්ගේ බුද්ධ චීවරය ගලවන එකට විරුද්ධ වුණා. ඒක පිළිගත්තා බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය.”

අද මේ රටේ දේශපාලන පක්ෂ කිසිවක් නැති බවත් ඇත්තේ “ගිහි හා පැවිදි” යන පක්ෂ දෙක පමණක් බවත් පෙන්වා දුන් වීරවංශ මහතා ඒ මේ අනුර කුමාර දිසානායකගේ දුෂ්ඨ මාලිමා පාලනය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ටත් වඩා එහාට ගොස් මේ රටේ බුදු දහමට නිගරු කිරීමට හා බුදු දහම පාගා දැමීමට එරෙහි ජාතික සටන මේ රටේ පොදු ජනතාව එකට එකතු වී පරාජය කළ යුතු අවස්ථාව එළැඹ ඇති බව පෙන්වා දුන්නේය…

එය මේ රටේ ජීවත් වන සකල ලංකාවාසී ජනතාවගේ යුතුකම බව පෙන්වා දුන් වීරවංශ මහතා අවසානයේ කීවේ හිරගෙවල් දහසකට දැම්මත් ඒ යුතුකම හා වගකීම දිවි හිමියෙන් ඉටු කරන්නට කැපවෙන බවය..

එහිදී වීරවංශ මහතා මාධ්‍ය ඉදිරියේ කරනු ලැබූ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය…

ජනප්‍රිය පුවත්  මහින්දගේ අවුරුදු නවයටම වඩා අනුරගේ ආණ්ඩුව අවුරුදු දෙකෙන් හොරකම් කළා...!

“මේ රටේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය තියෙද්දි පවා මහා සංඝරත්නය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරද්දී, දඬුවම් ලබන මහා සංඝරත්නයට අයත් භික්ෂූන් වහන්සේ නමක් වුණත් නිසි ගෞරවය ලැබෙන ආකාරයටයි ඒක කළේ.

1942 උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ, මේ රටේ හිටපු ඉතාම කීර්තිමත්, සටන්කාමී ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව කරපු ප්‍රකාශයක් පදනම් කොටගෙන, අත්අඩංගුවට අරගෙන සිරගත කළා. උන්වහන්සේ තමන්ගේ බුද්ධ චීවරය ගලවන එකට විරුද්ධ වුණා. ඒක පිළිගත්තා බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය.

අද මේ පාලනය බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයටත් වඩා එහාට ගිහිල්ලා මේ රටේ භික්ෂූන් වහන්සේට උරුම අයිතිවාසික සම්ප්‍රදාය කෙලෙසලා, බුද්ධ නීතිය යටත් කරලා, මේ රටේ මේ රටේ බෞද්ධයා, මේ රටේ බුදු දහම නතු කරගන්න, යටත් කරගන්න වෙර දරන පාපතර ගමනක යන්නේ.

අද මේ රටේ තියෙන්නේ පාර්ශ්ව දෙකයි, පක්ෂ දෙකයි. ගිහි පැවිදි කියන පක්ෂ දෙක විතරයි. ඒ හැර තියෙන වෙන පක්ෂ නැහැ. ඔය ස ජ බ, පොහොට්ටු‍ව, ඔය අරවා මේවා මොකවත් නැහැ. ගිහි – පැවිදි කියන පක්ෂ දෙක විතරයි. මේ රටේ බෞද්ධයා මේ අවස්ථාවේදී, මේ තීරණාත්මක මොහොතේදී, තමන්ගේ යුතුකම හා වගකීම ඉටු කරන්න පෙරමුණ ගන්න ඕන. පක්ෂ භේද කිසිවක් නොසලකා හැරලා.

ජනප්‍රිය පුවත්  ශ්‍රී ලංකාවේ සංචාරක ඉලක්ක පහතට: වසරේ ප්‍රථම මාස 7 පැමිණීම් පහත වැටෙයි !

මේ ගහන්නේ තේරවාදී, පිරිසිදු බුදු දහම, රැකගත්තු මාතෘභූමියේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාටයි මේ ගහන්නේ. ගලබඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර නෙවෙයි මේ, ගැලෙව්වේ. මුළුමහත් මහා සංඝරත්නයේ සිවුර. ඒ නිසා ඒ පාපතර ක්‍රියාවට එරෙහිව, මේ රටේ ගිහි පැවිදි සියලුම පාර්ශ්ව එකාවන්ව පෙළ ගැහෙන්න ඕන. යටත්විජිත ඉංග්‍රීසීන්ගේ යටත්විජිත පාලනයට එහා ගිහිල්ලා, මේ රටේ බුදු දහමට ගහන නිවට අනුරු කුමාරගේ පාපතර පාලනයට එරෙහිව නැගිටින්න ඕන, සටන් කරන්න ඕන.

ඒක අපේ යුතුකමක්, වගකීමක්. හිරගෙවල් දහසකට දැම්මත්, ඒ යුතුකම, වගකීම දිවිහිමියෙන් අපි ඉටු කරන්න කැපවෙනවා.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x