හෙට උසාවි වැඩම කරද්දී ඥානසාර හිමියන්ට සිවුරක් ලෑස්ති කරල තියෙන්නේ.. – බන්ධනාගාර මාධ්ය ප්රකාශක
1 min read
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
සිරදඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින ස්වාමීන් වහන්සේලා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේදී සිවුරු ඇඳගෙන යාමට හැකි අයුරින් බන්ධනාගාර නීති සංශෝධනය කර ඇති අතර, ඒ අනුව ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට රැගෙන යාමේදී ඇඳගෙන යාමට මෙම සිවුර සකස් කර තිබේ.
වසර 3කට වැඩි කාලයක් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටින ස්වාමීන් වහන්සේ නමක් වුවද, බන්ධනාගාරගත වීමේදී සිර ඇඳුමෙන් සිටිය යුතු යැයි දැක්වෙන නීතිය අනුව උන්වහන්සේට සිර ඇඳුම ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබූ බව ද සේනක පල්ලෙතැන්න වැඩිදුරටත් සඳහන් කර ඇත.
