පෞද්ගලික බැංකුවල උකස් තබා ඇති රන් භාණ්ඩ එකවර මුදල් ගෙවා බේරාගන්නා ලෙසට මහ බැංකුව චක්රලේඛයක් ගහලා.. – චාමර සම්පත්
1 min read
පෞද්ගලික බැංකුවල උකස් තබා ඇති රන්භාණ්ඩ එකවර මුදල් ගෙවා බේරාගන්නා ලෙසට මහ බැංකුව විසින් චක්රලේඛයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
දුප්පත් ජනතාවට මෙලෙස එක්වර ගෙවා රන් භාණ්ඩ බේරාගැනීමේ හැකියාවක් නොමැති බවත්, මේ සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධයක් මතුවෙමින් පවතින බවත් ඒ මහතා සඳහන් කරයි.
