ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ඉවත් කළේ ඇමති හිතවතියක් පත්කරන්නද?
1 min read
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ඉතිහාසයේ ඉහළම ලාභය ලබමින් සිටියදී, එහි සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මතුව ඇති පසුබිමක, මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා සිය ‘සංදේශය’ නාලිකාව ඔස්සේ පෙන්වා දෙන්නේ, මෙම ඉවත් කිරීම පිටුපස දේශපාලන හිතවත්කම් මත පදනම් වූ යටි අරමුණක් පවතින බවයි.
ලසන්ත ප්‍රනාන්දු මහතාගේ නායකත්වය යටතේ පසුගිය වසරේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රුපියල් බිලියන 2.2ක වාර්තාගත ආදායමක් උපයා ඇති අතර, වසර හයකට පසු ප්‍රථම වතාවට රුපියල් මිලියන 250ක ලාභාංශයක් රජයේ භාණ්ඩාගාරයට ගෙවීමට ද සමත්ව තිබේ.
බැංකුවේ වාලච්චේන ශාඛාවේ සිදුවූ රුපියල් මිලියන 400ක දැවැන්ත මූල්‍ය වංචාවක් හෙළිදරව් කර ගැනීමටත්, දූෂිත නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් සභාපතිවරයා සෘජුව මැදිහත් වී ඇත.
කෙසේ වෙතත්, මෙම සාර්ථකත්වය මධ්‍යයේ සභාපතිවරයා ඉවත් කිරීමට හේතුවී ඇත්තේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සමීප හිතවතියක වන රමණි විජේරත්න මහත්මිය බැංකුවේ සාමාන්‍යාධිකාරී ධුරයට පත් කිරීමට ගත් උත්සාහයකට සභාපතිවරයා විරෝධය පළ කිරීම බව සරෝජ් පතිරණ මහතා අනාවරණය කරයි.
