අපි බලයට ඇවිත් ගමටත් ආණ්ඩුවක් ගෙනත් දීලා තියෙන්නේ.. ප්‍රජා ශක්ති කමිටුවේ සභාපති තමයි ගමේ ප්‍රධානියා.. – ලාල් කාන්ත
1 min read
ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු ප්‍රජා ශක්ති වැඩපිළිවෙළ හරහා සැබෑ පාලන බලය ගමට ලබා දී ඇති බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ යටිනුවර, මල්ගම්මන වසමේ ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ගම තුළ සිදුවිය යුතු සංවර්ධන කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ පූර්ණ බලය ප්‍රජා ශක්ති කමිටු සතු වන බවයි.
“අපි බලයට ඇවිත් ගමටත් ආණ්ඩුවක් ගෙනත් දීලා තියෙනවා. ප්‍රජා ශක්ති කමිටුවේ සභාපතිවරයා තමයි ගමේ ප්‍රධානියා. ගම ඇතුළේ වෙන්න ඕන වැඩ ගැන තීරණ ගන්න ඕන ඔබයි. අපේ පක්ෂ සංවිධානය ඒ කටයුතු අධීක්ෂණය කරනවා,” යැයි ඔහු පැවසීය.
