ඩීසල් මිල වැඩි කිරීමේ සූදානමක් ගැන වෘත්තීය සමිතිවලින් අනාවරණක්..
1 min read
ඉන්ධන බෙදාහැරීමේදී මුහුණදී ඇති ගැටලු සැළකිල්ලට ගනිමින් පිරිවැයට සාපේක්ෂව මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් යළි ක්‍රියාත්මක කරන ලෙස මෙරට තුළ ඉන්ධන බෙදාහරින පෞද්ගලික සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම බලශක්ති අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට ඔවුන් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ කරුණ දැක්වීමක්ද සිදුකර ඇති බවයි ඉන්ධන බෙදාහැරීමේ නිරත පෞද්ගලික සමාගමක උසස් නිලධාරියෙකු කියා සිටියේ.
මේ අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉහළ නාවික ප්‍රවාහන පිරිවැය හමුවේ, පෞද්ගලික සැපයුම්කරුවන් දැනට ඩීසල් ලීටරයකින් රුපියල් 170 ක පමණ අලාභයක් ලබන බවට වාර්තා වේ.
එමෙන්ම රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා ලබාදුන් රුපියල් 100 ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා ලබාදුන් රුපියල් 20 ක සහනාධාරය ජුලි මාසයේ සිට අත්හිටුවීමත් සමඟ ඉදිරි ඉන්ධන ඇණවුම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේදී ගැටලුවකට මුහුණදී ඇති බවයි එම නිලධාරියා සදහන් කළේ.
ඒ අනුව ඉන්ධන බෙදාහරින සමාගම්වලට සාධාරණ වන පරිදි බාධාවකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගෙන යාම තවදුරටත් කළ නොහැකි වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙවන් පසුබිමක පිරවුම්හල් සේවකයින් පවසන්නේ පිරිවුම්හල් වෙත සීමිත ඉන්ධන තොග ලැබෙමින් පවතින බවයි.
එමෙන්ම ඇතැම් පෞද්ගලික පිරවුම්හල්වල ඩීසල් නොමැති බවට සඳහන් පුවරු දක්නට ලැබෙන බවද වාර්තා වේ.
