September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළට..

1 min read

2026 වසරේ පළමු මාස හත (ජනවාරි සිට ජූලි දක්වා) ඇතුළත ශ්‍රී ලංකාවේ වෙළෙඳ ගිණුමේ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ පැවැති ඩොලර් බිලියන 3.9ක වෙළෙඳ හිඟය හා සැසඳීමේදී මෙය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6ක සැලකිය යුතු ඉහළ යාමකි.

එමෙන්ම 2026 ජූලි මාසය තුළ පමණක් වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 1017.6 ක් දක්වා වැඩි වී තිබේ. ආනයන වියදම් ඉහළ යාම සහ අපනයන ආදායම පහළ බැසීම මෙලෙස වෙළෙඳ හිඟය පුළුල් වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x