September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රුපියල රූටයි

1 min read

මේ වසරේ අගෝස්තු මාසය අවසානය දක්වා වූ කාල‌යේදී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 5.5 කින් (පහයි දශම පහ) අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

කෙසේ නමුත්, මෑතකදී ක්‍රියාත්මක කරන ලද මුදල්, රාජ්‍ය මූල්‍ය සහ සාර්ව විචක්ෂණශීලී ප්‍රතිපත්ති පියවරවල බලපෑම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළදී ශ්‍රී ලංකා රුපියලෙහි යම් අතිප්‍රමාණය වීමක් දක්නට ලැබුණු බවද මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගැනීම් හේතුවෙන්, චීන මහජන බැංකුව සමග වන විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළත්ව දළ නිල සංචිත ප්‍රමාණය ඉකුත් ජූලි මාසය අවසානය වනවිටදී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.6 ක් (හයයි දශම හයක්) දක්වා ඉහළ ගොස් තිබිණි.

මැද පෙරදිග කලාපයේ ඇතිවූ ප්‍රවණතාවල බලපෑම පිළිබිඹු කරමින් ජූලි මාසයේදී විදේශීය ජංගම ගිණුම එක්සත් ජනපද ඩොලර් මිලියන 142 ක හිඟයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් ජූලි මාසය සඳහා නිකුත් කරන ලද විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ දැක්වේ.

ජනප්‍රිය පුවත්  ඉන්දුනීසියාවේ මගී නෞකාවක ගින්නක් - 5ක් ජීවිතක්ෂයට

ජංගම ගිණුම මෙලෙස අඛණ්ඩ හිඟයක් වාර්තා කළ සිව්වැනි මාසය මෙය වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x