September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව සිසුන් 56,000ක් කඩඉම් ලකුණෙන් ඉහළ

1 min read

2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 56,000ක් කඩඉම් ලකුණෙන් ඉහළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් අගෝස්තු 9වැනිදා පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 294,132 සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටියේය.

නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව සිසුන් 56,000ක් අදාළ කඩඉම් ලකුණට වඩා ඉහළ ලකුණු ලබාගැනීමට සමත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x