November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 ගැන හරිනිගේ නිහඬ බව ලාල් බිඳියි | අගමැති හරිනි දේශපාලනයේ හිටිය කෙනෙක් නෙවෙයි – ඇයට බලයක් නෑ !

1 min read

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට දේශපාලන බලයක් නොමැති වීම නිසා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඇය නිහඬව සිටිනවා විය හැකි බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, නීතිඥ ලාල් විජේනායක පවසයි.

පුවත්පතක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලාල් විජේනායක මහතා සඳහන් කර ඇත්තේ තමන් අගමැති හරිනි ගැන හොඳින් දන්නා බවත්, ඇය කෙරෙහි දැඩි ගෞරවයක් ඇති බවත්ය.

යහපාලන සමයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කාරක සභාවේදී තමා සමඟ එක්ව ඇය තමාට පැවරුණු කාර්යය ඉතා මැනවින් ඉටු කළ බවද ඔහු සිහිපත් කර තිබේ.

“ඇය දේශපාලනයේ හිටපු කෙනෙක් නොවෙයි. ඒ නිසා ඇය පිටුපස දේශපාලන බලයක් නෑ. දේශපාලනය කරන කෙනකුට යම් ස්ථාවරයක් ගන්න බලයක් තියෙන්න ඕනේ. මම මේ ස්ථාවරයේ ඉන්නේ මට සම සමාජ පක්ෂයේ බලයක් හා ඔවුන් මා සමඟ ඉන්න බවට විශ්වාසයක් තිබෙන නිසයි” යනුවෙන් ලාල් විජේනායක මහතා වැඩිදුරටත් පවසා ඇත.


අග්‍රාමාත්‍යවරිය 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් ඇයගේ ස්ථාවරය ප්‍රකාශ කර නොමැති බව පෙන්වා දෙන ඒ මහතා, හදවතට එකඟව යම් දේශපාලන කාරණයක් ගැන කතා කිරීමට නම් තමන්ට බලයක් තිබිය යුතු බවත්, ඇයට එහෙම බලයක් නොමැති නිසා හෝ මේ ගැන යමක් ප්‍රකාශ නොකළ යුතුයැයි තීරණය කර නිහඬව සිටිනවා විය හැකි බවත් පෙන්වා දී තිබේ.

ජනප්‍රිය පුවත්  ට්‍රම්ප්ගේ ඉරාන යුධ මෙහෙයුම නතර කිරීමට ඇමරිකානු සෙනට් මණ්ඩලයේ අනුමැතිය
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x