November 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බලහත්කාර ශ්‍රම චෝදනා මත ප්‍රධාන පෙළේ චීන සමාගම් තුනක් අසාධු ලැයිස්තුවට

1 min read

බලහත්කාරයෙන් ශ්‍රමයේ යෙදවීමට අනුබල දීමේ චෝදනාව මත චීන genomics සමාගම් (ජාන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම්) තුනකින් කෙරෙන ආනයන තහනම් කිරීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.

එක්සත් ජනපද දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව,

BGI Genomics,MGI Tech, සහ Shenzhen BGI Technology යන සමාගම් මෙලෙස උයිගර් සහ අනෙකුත් සුළුතර ජනකොටස් බලහත්කාර ශ්‍රම වැළැක්වීමේ පනත යටතේ වන අසාධු ලේඛනයට ඇතුළත් කර ඇත.

මෙම ලැයිස්තුවට ඇතුළත් කරනු ලබන්නේ උයිගර් සහ අනෙකුත් සුළුතර ජන කොටස් බලහත්කාර ශ්‍රමයේ යෙදවීම, ඊට පහසුකම් සැලසීම හෝ ෂින්ජියැං කලාපයෙන් ද්‍රව්‍ය ලබාගැනීම සිදුකරන ආයතන වෙයි.

කෙසේ වෙතත්, වොෂින්ටනයේ පිහිටි චීන තානාපති කාර්යාලය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මෙම තහනම පැනවීමත් සමඟ, අදාළ සමාගම්වල නිෂ්පාදන බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් තැනූ ඒවා නොවන බව තහවුරු කිරීමට නොහැකි වන්නේ නම්, එම භාණ්ඩ එක්සත් ජනපදයට ඇතුළු කිරීම වැළැක්වීමට එරට රේගු හා දේශසීමා ආරක්ෂණ බලධාරීන්ට උපදෙස් දී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x