September 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්ධන පිරවුම්හල් 500 වසා දැමීමේ අවධානමක්…!

1 min read

ඉන්ධන මිල ගණන් වැඩි කිරීම සඳහා ඉඩ ලබාදෙන ලෙස ඉල්ලමින් බලශක්ති අමාත්‍යංශය වෙත යවා ඇති ලිපියට නිසි ප්‍රතිචාර නොලැබෙන්නේ නම් පුද්ගලික ඉන්ධන සමාගම් තුනට අයත් ඉන්ධන පිරවුම්හල් 500 වසා දැමීමට එම සමාගම් සුදානම් වන බව වාර්තා වේ.

සිය සමාගම්වල ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලා බලශක්ති අමාත්‍යංශය වෙත ලිපියක් යොමුකර ඇති අතර මේ සඳහා යහපත් ප්‍රතිචාරයන් නොලැබෙන්නේ නම් ඉහත තීරණය ගන්නා බව ඔවුහු පවසා ඇතැයි පැවසේ.

මෙම ඉන්ධන සමාගම්වල සියලුම අලෙවි නියෝජිතයන් ඊයේ (17) කොළඹට රැස්වී සාමුහිකව මෙම තීරණය ගත් බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍යට පවසා තිබේ.

ගොඩබෑමේ පිරිවැයට අනුකූලව තම ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලෙස ඉන්ධන බෙදාහැරීමේ පෞද්ගලික සමාගම් ඉල්ලීම් කළ ද ඔවුන් ඉල්ලා සිටින මිල වැඩි කිරීමට එකඟතාව පළකර නොමැති බව විදුලි බල සහ බලශක්ති ඇමැති අනුර කරුණාතිලක පසුගියදා මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසුවේය.

මේ අතර, මෙම සමාගම්වල ඉල්ලීම්වලට එකඟ නොවීම හේතුවෙන් ලංකා අයිඕසී සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 275 සිනොපෙක් ඉන්ධන පිරවුම්හල් 150 සහ ආර්.එම් පාර්ක් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 100 ක ද ඩීසල් බෙදාහැරීම සතියකටත් වැඩි කාලයක සිට සීමාකර ඇත.

ජනප්‍රිය පුවත්  ජනාධිපතිගෙ ගමේ හමුදාව ඉවතට !

මෙම සමාගම් තුනෙන් ඉන්ධන නිකුත් කිරීම සියයට පනහකින් පමණ අඩුවී තිබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පවසා සිටිති. ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය ද පෙන්වා දෙන්නේ මෙම පුද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම නිසා පාරිභෝගිකයන් දැඩි ලෙස පිඩාවට පත්ව තිබෙන බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x