November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

‘සිරස’ට කෝටි 10ක් රජයෙන් දීම ගැන නිර්මාල්ගෙන් දෝස් මුරයක්..

1 min read

සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් පවත්වනු ලබන ජාත්‍යන්තර සම්මේලනයක් සඳහා පෞද්ගලික මාධ්‍ය නාලිකාවකට රාජ්‍ය අනුග්‍රාහකත්වය සහ මහජන මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව, සංචාරක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම රට හමුවේ කරුණු පැහැදිලි කළ යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අවධාරණය කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, අදාළ මුදල් බදු ආදායම් මඟින් ලැබුණේද නැතහොත් වෙනත් මාර්ගයකින් ලැබුණේද යන්න අදාළ නොවන බවත්, කැබිනට් අනුමැතිය හිමිව තිබුණද අවසාන විග්‍රහයේදී ඒවා මහජන මුදල් බවත්ය.

එබැවින් මහජන මුදල් වැය කරමින් මෙවැනි ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දැක්වීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ මූල්‍ය විනිවිදභාවය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වගකීමක් රජයට සහ අදාළ අමාත්‍යාංශවලට පැවරෙන බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර, රට තුළ ක්‍රියාත්මක වන ත්‍රස්ත මර්දන නීති සම්බන්ධයෙන්ද දැඩි විවේචනයක් එල්ල කළ මහාචාර්යවරයා, අතීතයේ සිටම එවැනි නීති බහුලව භාවිත කර ඇත්තේ සැබෑ ත්‍රස්තවාදය මර්දනය කිරීමට වඩා සාමාන්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා බව පෙන්වා දුන්නේය.

ජනප්‍රිය පුවත්  විගණකාධිපති වාර්තාව නිලධාරීන් පිට වරද පටවන සූත්තරයක්!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x