April 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විගණකාධිපති වාර්තාව නිලධාරීන් පිට වරද පටවන සූත්තරයක්!

1 min read

පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බාල ගල් අඟුරු ගනුදෙනුවට අදාළ විගණකාධිපති වාර්තාව, අදාළ චෝදනාව පිළිබඳ වගකීම ලක්විජය විදුලි බලාගාරයේ නිලධාරීන් පිට පැටවීමට හැකිවන පරිදි සකස් කර තිබෙන්නක් බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මන්ත්‍රීවරයා පසුගිය දින 03ක් විගණකාධිපතිනිය හමුවී එය කළ යුතු ආකාරය ගැන එකඟතාව ඇති කරගෙන ඇත.

ඒ අනුව, විශ්වාසභංග විවාදයට ගැනීමට පෙර එය සභාගත කෙරුණේ, “වරදක් වී තිබෙනවා; නමුත් එය ඇමති හෝ ජනාධිපති කළ දෙයක් නොව ලක්විජය නිලධාරීන් විසින් කළ දෙයක්” යන ප්‍රකාශයට වලංගු භාවය ලබා ගැනීම පිණිසය.

මේ බව නොදත් ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරු අදාළ වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳව විගණකාධිපතිනියට ස්තුති කර සමාජ මාධ්‍ය ගිණුම්හි පෝස්ට් පවා පළ කර තිබුණි.

ශ්‍යාමා පෙරේරා

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x