April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

2025 වසරේ විදුලි බලේ පාඩුව රු බිලියන 38.73

1 min read

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 29.15 ක සැලකිය යුතු මූල්‍ය පාඩුවක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්‍ය ප්‍රකාශන වලින් හෙළි වී ඇත.

2024 වර්ෂයේ ඊට අනුරූප කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 603 ක ලාභය හා සසඳන විට මෙය තියුනු ප්‍රතිලෝමයක් සනිටුහන් කරන අතර, වසරින් වසර ලාභදායිතාවයේ 4,929% ක පහත වැටීමක් පිළිබිඹු කරයි.

මේ අතර, සම්පූර්ණ 2025 වර්ෂය සඳහා CEB හි මුළු පාඩුව රුපියල් බිලියන 38.73 ක් ලෙස සදහන්වේ. 2025 වසරේ එලස පාඩු වුවද 2024 මූල්‍ය වර්ෂය සඳහා වාර්තා වූ මුළු රු බිලියන 141.60 ක ලාභයකි , බිලියන 100 ඉක්මවූ ලාබයක් 127% කින් පාඩුවක් බවට හැරවීම ගන්නා ලද තීන්දු තීරණ මොනවාදැයි රජය විසින් සොයා බැලිය යුත්තේ මෙවැනි ආයතන රජයටත් ජනතාවට් දැවැන්ත බරක් වන නිසාය.

මේ වසර තුළ මෙහයුම් අලාභය රුපියල් මිලියන 26,125 ක වාර්තා වී ඇති අතර පෙර වසරේදී CEB විසින් රුපියල් මිලියන 159,830ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි. මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබීම පරපාලනයෙ දක්ශතාවය හා කළමණාකාරීත්වය මොනවාට පිළිබිඹුකරයි .

ජනප්‍රිය පුවත්  පූර්ව ඓතිහාසික මෙගලිතික යුගයට අයත් ගල් පාලමක් පුනරුදයෙන් විනාශ කරලා!

මතක තබා ගන්න මේ පාඩුව ගල් අගුරු වංචාවෙන් සිදු වූ පාඩුවට පෙර පාඩුව බව එම පාඩුව මේ වසරේ මැද වන විට අපිට මූල්‍ය වාර්ථාවලින් දැක ගැනීමට හැකි අතර එහි ප්‍රතිඵල ඔබගේ විදුලි බිලෙන් ඔබට දැකගැනීමට හැකි වනු ඇත. එමෙන්ම පවතින යුදමය තත්වයන් හේතුකොට ගෙන තෙල් මිල ඉහලයෑම් නිසා පිරිවැය ඉහලයෑමක් ඉදිරියේදී වාර්ථාවිය හැකි අතර එයද අපගේ විදුලි බිලට එකතුවනු ඇත . ඒ අනුව සැලකිය යුතු මුදලකින් විදුලි බිල වැඩිකිරීමට නියමිතය එසේ නොමැතිව ආණ්ඩුවට IMF වැඩසටහන තුළ ඉදිරියට යෑමට නොහැක මේ බර ජනතාව මත පැටවීමට නියමිතය එම බර ගැන මේ දැවැන්ත මුල්‍ය පාඩු වංචා අපරාධ ගැන වෘතීය සමිති මුනිවත රකින අතර විශයබාර ඇමති මෙන්ම අමාතංශයද අන්ද ගොලු බිහිරි ව ඇත .

ප්‍රතිසංස්කරණ නොමැතිව , හෝද හෝදා මඩේ දමමින් පැලැස්තර නියායට අනුකූලව තව කොපමණ කලක් මෙවැනි ආයතන ජනතාව මත බර පටවමින් ගෙනයාහැකිද ? මේවා වල දැවැන්ත පිපිරීමක් විශාල ආර්ථික අර්බුදයක් ලෙස පැමිණිමට හැකි බවට බලදාරීන් නිලදාරීන් මතක තබාගතයුතුය උගත් පාඩම් පිළිබදව මනා අවබෝදයක් නැති ව අනාගතයක් නොමැත.

ජනප්‍රිය පුවත්  හරිනිට දිගටම ප්‍රහාර !

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x