April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරාන නැව් බාරගන්න අනුර මෝඩිට පොරොන්දු වෙලා!

1 min read

පසුගියදා ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක්ව විනාශ වූ නැව සහ ඉතිරි නැව් දෙක ද බාර ගැනීමට ශ්‍රී ලංකා ජනාධිපති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සමග එකඟ වී තිබේ. අපගේ විශේෂ විමර්ශන අංශය ලබා දී තිබෙන වාර්තාවට අනුව, මෙම නැව් ඉන්දියාව තුළ තබා නොගන්නා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉන්දියාවට දැඩි පීඩනයක් එල්ල කර තිබේ. එහිදී රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගැනීමට මාසයක් කාලයක් අවසර ලැබීමට යටත්ව ඉන්දියාව එම ඇමෙරිකා එක්සත් ජනපද ඉල්ලීමට එකඟවී තිබේ.

පසුව අග්‍රාමාත්‍ය මෝඩි ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර අමතා ප්‍රකාශ කර ඇත්තේ මෙම ඉරාන නැව් 03 බාරගන්නා ලෙසය. තමන් එම නැවූ 3 තබා ගතහොත්, රුසියාව මගින් තෙල් හා ගෑස් ලබාගැනීමට ලැබුණු මාසයක කාලය අහිමිවන බවත්, එමඟින් වර්තමානයේ පවතින ලෝක වාතාවරණය තුළ බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත්, මෙම නැව් 3 ලංකාව බාර ගතහොත් ලංකාවේ බලශක්ති අර්බුදයක් ඇතිවීමට තමන් ඉඩ නොදෙන බවත් අගමැති මෝඩි පොරොන්දු වී තිබේ.

මෙම පොරොන්දුව ලැබීමත් සමඟ ජනාධිපති අනුර මෝඩි අග්‍රාමාත්‍යවරයාට පොරොන්දු වී ඇත්තේ අදාළ නැව් 3 තමන් බාරගන්නා බවය.

ජනප්‍රිය පුවත්  ජනපති ප්‍රමිෂ්කාට කුඩු නඩු!

කෙසේ වෙතත්, මේ බව දැන ගත් ඇමරිකා එක්සත් ජනපදය තම කොළඹ පිහිටි තානාපති කාර්යාල බලධාරීන් මගින් ජනාධිපති අනුරට දන්වා ඇත්තේ අදාළ නැව් ශ්‍රී ලංකාව බාර ගැනීමෙන් වළකින ලෙසය. එම යාත්‍රා ශ්‍රී ලංකාව බාරගතහොත් ඒවාට ප්‍රහාර එල්ල කිරීමට තමන් නොපැකිලෙන බවය.

මේ තත්ත්වය තුළ අග්‍රාමාත්‍ය මෝඩිට දුන් පොරොන්දුව ඉවත ලූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉරාන නාවික යාත්‍රා බාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් ඒ වන විට ද එම නාවික යාත්‍රා ශ්‍රී ලංකාව දෙසට පැමිණ තිබුණි.

ගාලු වරායට ආසන්නව, ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය තුළ තම නැව් තබාගෙන ඉරාන බලධාරීන් උත්සාහ කර ඇත්තේ ඉන්දියාව දුන් සහතිකය අනුව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ගැනීමට ය. එම උත්සාහයට පැය 16 වැඩි කාලයක් ගෙවුණු විට, ඇමරිකානු සබ්මැරීන මගින් ඉරාන එක් නාවික යාත්‍රාවකට පහර දෙනු ලැබුවේය.

මෙම සිදුවීමත් සමග ශ්‍රී ලංකාව තුළත් ඉන්දියාව තුළත් අගමැති මෝඩිගේ පාලනයට එරෙහිව බලවත් මතයක් නිර්මාණය වෙමින් පැවතුණි. එම පීඩනය හමුවේ නැවතත් ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අමතා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ පිහිට බලාපොරොත්තුවෙන් පැමිණ ඇති දෙවැනි නැව හෝ බාරගන්නා මෙන්ය. මෙම පීඩනය හමුවේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇතිකරගත් එකඟතාවයකට අනුව, දෙවැනි නැව සහ පුද්ගලයන් වෙන වෙනම රට තුළට ගැනීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ක්‍රියා කර තිබේ.

ජනප්‍රිය පුවත්  කිලිනොච්චි, මුලතිව් හමුදාව නෑ! උතුරෙන් හමුදාව ඉවතට!

මෙම ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාව ක්‍රියා කළ ආකාරය පිළිබඳව ඉන්දීය බලධාරීන් බලවත් කනස්සල්ලට පත්ව සිටිති. පසුගිය දා විදේශ ඇමති විජිත හේරත් ඉන්දියාවට ගෙන්වා මෙම ප්‍රශ්නය විමසා අසරණ කිරීම පිටුපස ද ඇත්තේ එම කනස්සල්ල බව තතු දත් ආරංචි මාර්ග පවසා සිටී.

ශ්‍රී ලංකාව තව බලපෑමට වඩා ඇමෙරිකානු බලපෑමට අවනතවීම පිළිබඳව ඉන්දියාවට ඇත්තේ බලවත් නොසතුටකි. ඉන්දියානු බලධාරීන් මේ දිනවල විහිළුවට මෙන් පවසන්නේ ‘‘අන්කල් සෑම් එන විට AKD පුටුවෙන් එකට සිටින” බවයි.

විශේෂ විමර්ශන අංශය

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x