June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙතෙක් ගෙනා ගල් අඟුරු නැව් 11ම බාලයි! මණ්ඩලයට පාඩුව රු. මිලියන 8500ක්!

1 min read

නොරොච්චෝල බලාගාරයට මෙතෙක් ආනයනය කරන ලද ගල් අඟුරු නැව් 11 හිම ප්‍රමිතිය පිළිබඳ බරපතල ගැටලු පවතින බවත්, එම හේතුවෙන් බලාගාරයේ ජනන යන්ත්‍රවලින් ලබාගත හැකි උපරිම මෙගාවොට් 300ක ධාරිතාව ලබාගැනීමට නොහැකි වී ඇති බවත් බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි.

මේ වන විට ලැබී ඇති නැව් 11 හි පවතින ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් විදුලිය උත්පාදනයට බාධා පැමිණ ඇති අතර, ඒ හරහා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 8.5ක (මිලියන 8500ක) පාඩුවක් සිදුව ඇති බව මහජන උපයෝගිතා කොමිසම ද අනාවරණය කර ඇත.

සැලසුම් කර තිබූ පරිදි නැව් 16ක් මෙරටට පැමිණිය යුතු වුවද, මේ වන විට පැමිණ ඇත්තේ නැව් 11ක් පමණි. ඒ අනුව ඉදිරියේදී නැව් 5ක් හෝ 6ක් පමණ මෙරටට නොලැබී යාමේ අවදානමක් පවතී.

සාමාන්‍යයෙන් එක් ගල් අඟුරු නැවකින් බලාගාරය ක්‍රියාත්මක කළ හැක්කේ දින 8ක් වැනි කෙටි කාලයකි. යම් හෙයකින් නැව් 5ක් හිඟ වුවහොත් බලාගාරයේ පවතින ජනන යන්ත්‍ර තුනම දින 40ක කාලයකට සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමට සිදුවේ.

ජනප්‍රිය පුවත්  සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් චැනල් 4 වීඩියෝව බොරු… ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද…

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x