October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සෞදි ගුවන් තොටුපොළ දෙකකට හූති ප්‍රහාර..

1 min read

ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.

සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා පිළිබඳ සාමාන්‍ය අධිකාරිය සඳහන් කළේ, ඔක්තෝබර් 6 සහ 7 යන දිනවල යේමන දේශසීමාව ආසන්නයේ පිහිටි අබ්හා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ රියාද්හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙලෙස ප්‍රහාරයට ලක්වූ බවයි.

අබ්හා ගුවන් තොටුපොළට එල්ල වූ ප්‍රහාරයෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.

මියගිය දෙදෙනා මොරොක්කෝ සහ ඇල්ජීරියානු ජාතිකයින් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එමෙන්ම රියාද්හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ ප්‍රහාරයෙන් සුඩාන ජාතිකයෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් අතර සෞදි ජාතිකයින් පස්දෙනෙකු, ඊජිප්තු ජාතිකයින් දෙදෙනෙකු සහ පාකිස්ථාන ජාතිකයෙකු සිටින බවයි සෞදි සිවිල් ගුවන් සේවා බලධාරීන් සඳහන් කළේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ප්‍රහාර දෙකෙහිම වගකීම හූති පාලනය යටතේ පවතින සන්නද්ධ අංශය භාරගෙන ඇති අතර, රියාද්හි ගුවන් තොටුපොළ වෙත බැලස්ටික් මිසයිලයකින් ප්‍රහාරයක් එල්ල කළ බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

ජනප්‍රිය පුවත්  PTA යටතේ අත්අඩංගුවට ගැනීම් ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය සිය කනස්සල්ල පළ කරයි..

සෞදි හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් තුර්කි අල්-මලිකි සඳහන් කර ඇත්තේ, රියාද් ප්‍රහාරයට භාවිත කළ බැලස්ටික් මිසයිල දියත් කිරීමේ ස්ථානය විනාශ කළ බවයි.

Back

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x