June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

PTA යටතේ අත්අඩංගුවට ගැනීම් ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය සිය කනස්සල්ල පළ කරයි..

1 min read

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අඛණ්ඩව සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන බව ඇම්නෙස්ටි ඉන්ටර් නැෂනල් ආයතනය පවසයි.

x සටහනක් තබමින් එම ආයතනය පවසන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පෙබරවාරි 25 දින අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේල්ගේ නඩු විභාගයේ ක්‍රියාපටිපාටිය සහ රඳවා තබා ගැනීමේදී ඔහුට සිදු වූ බව කියන අමානුෂික සැලකීමේ සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අය සහ නීතිඥවරුන් ප්‍රසිද්ධියේ සිය කනස්සල්ල පළ කර ඇති බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තර්ගතය තුළ පුළුල් සහ අපැහැදිලි නිර්වචන අන්තර්ගත වන අතර එය ජාත්‍යන්තර නීතිවල ප්‍රමිතීන් සමඟ ගැලපීමක් නැති බවත් එම ආයතනය පෙන්වා දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x