ෂිරාන් බාසික් නිදහස් කරන මෙහෙයුමක් ! හේතුව ප්රභාත් !
1 min read
මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු හා පාතල කල්හි ප්රධානියකු ලෙස සලකා මේ වන විට දින 90 ක රැඳවුම් නියෝග යටතේ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) රඳවා තබාගෙන ප්රශ්න කිරීමට ලක් කර සිටින ෂිරාන් බාසික් මුදා හැරීමට අවශ්ය කටයුතු පිළියෙල කෙරෙමින් ඇතැයි වාර්තා වේ.
මෙතෙක් සිදු කරන ලද ප්රශ්න කිරීම් වලදී විවිද දේශපාලනඥයන්, ප්රකට නිලියන් ඇතුළු ඇතැම් පුද්ගලයන් සමග පැවැති ඇසුරට අදාළ කරුණු හැර ෂිරාන් බාසික් මත්ද්රව්ය ජාවාරමේ නිරතවීම සනාථ කරගැනීම සඳහා වූ කිසිවක් විමසා නැතැයි අපගේ ආරංචිමාර්ග පවසයි.
මේ අතර, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් බාසික්ට අයත් වත්කම් සොයා පරීක්ෂණ පවත්වනු ලබයි. කොළඹ මැරීන් ඩ්රයිව් හි පිහිටි හෝටල් 5 ක්, බොරලැස්ගමුවේ පිහිටි නිවාස 2 ක් සහ ජංගම දුරකථන වෙළඳසැල් කීපයක් පරීක්ෂණ වෙතින් අණාවරණය කරගෙන තිබේ. එමෙන්ම ස්විට්සර්ලන්තය, ඉතාලිය සහ ප්රංශය යන රටවල පවතින බව කියන ඔහුට අයත් දේපළ හා හෝටල් පිළිබඳව ද විමර්ශකයන්ගේ අවධානයට යොමුව තිබේ.
ඔහුට අයත් සියලුම බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට සහ මූල්ය කටයුතු සමාලෝචනය කිරීමට ශ්රී ලංකා මහබැංකුවේ මූල්ය බුද්ධි ඒකකය වෙත මේ වන විට ද අධිකරණය විසින් නියෝග කර ඇත.
මෙම විමර්ශනයට සම්බන්ද නිලධාරින් පසුගිය දා තමන් හමුවට ගෙන්වන ලද ජනාධිපතිවරයා, විමර්ශනයේ ප්රගතිය පිළිබඳව කරුණු විමසා තිබේ. එහිදී කරුණු පැහැදිලි කර ඇති විමර්ශන නිලධාරින් මත්ද්රව්ය ජාවාරමට අදාළ කිසිවක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන බව ජනාධිපතිවරයා හමුවේ පවසා තිබේ.
ආර්ථික අර්බුදයට ශ්රී ලංකාව ලක් වූ සමයේ, එවකට මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ විසින්, රට තුළට විදේශ මුදල් ගෙන ඒමට විවෘත හා නිදහස් ඉඩ ප්රස්ථාවක් ලබාදෙමින් ගැසට් පත්රයක් නිකුත් කර ඇති බවත්, ෂිරාන් බාසික් ඇමරිකන් ඩොලර් මිලියන සිය ගණනක මුදල් මෙරටට ගෙනැවිත් ඇත්තේ ඒ කාලය තුළ බවත් විමර්ශන නිලධාරින් විසින් මෙහිදී පෙන්වා දී තිබේ.
ඒ අතරම, ඔහු සමග සබඳතා පවත්වන ලද “මාලිමා”වේ දේශපාලනඥයින් ද සිටින බව පෙන්වා දී ඇති එම නිලධාරින් ඔවුන්ගේ නම් පවා මෙහිදී ජනාධිපතිවරයා හමුවේ හෙලි කර ඇත. දැනට ද දෙහිවල ගල්කිස්ස නගරාධිපතිවරයා හා එහි ආණ්ඩු පක්ෂයේ මන්ත්රිවරුන් මාසික සාදය පවත්වන්නේ බාසික්ට අයත් හෝටලයක බව ද, ඒ සඳහා බාසික් මුදල් අය නොකරන බවද මෙහි දී හෙලි කර තිබේ.
පසුගිය රනිල් වික්රමසිංහ පාලන සමයේ අනවසර ඉදිකිරීමක් ලෙස සලකා කඩා දැමූ දෙහිවල “Soul Beach” හෝටලය ද දැනට ක්රියාත්මක බවත්, පසුව එයට අවශ්ය අනුමැතීන් ලබාදී ඇත්තේ, මාලිමා පාලනය යටතේ වන දෙහිවල-ගල්කිස්ස නගර සභාව බවත් විමර්ශන නිලධාරින් ජනාධිපතිවරයාට පවසා ඇත. තවද, එය ඇතුලුව ඒ ආශ්රිත වන බොහෝ ඉදිකිරීම් සඳහා අනුමැතීන් ලබා දී ඇත්තේ වත්මන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරද්දී බව ද මෙහිදී හෙලි වී තිබේ.
මෙම තොරතුරු මත වික්ෂිප්ත වී ඇති ජනාධිපතිවරයා විමර්ශන නිලධාරින් වෙත පවසා ඇත්තේ, දින 90 කට දැනට රැඳවුම් නියෝග ගසා ඇති බැවින්, තවත් රැඳවුම් නියෝග ගැසීමට ඉල්ලා නොසිටිය යුතු බවයි. එමෙන්ම, ෂිරාන් බාසික් හා හිරු නාලිකාවේ හිමිකරු රේනෝ ද සිල්වා අතර සබඳතාවක් පැවති බවට කුමන හෝ සාක්ෂියක් සොයා ගන්නා ලෙසයි.
දැනට කර තිබෙන විමර්ශනයට අනුව එවැනි නිගමනයකට එලැඹීමට කිසිදු හේතුවක් පෙනෙන්නට නැතැයි මෙහිදී මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් අවධාරණය කර තිබේ.
අපගේ ආරංචි මාර්ගයන්ට අනුව, දින 90 ක රැඳවුම් කාලය අවසානයේ ෂිරාන් බාසික් අධිකරණ හමුවට පමුණුවා බන්ධනාගාරගත කර, කෙටි කලකට පසු ඇප ලබා නිදහස් වන බවට මේ වන විට “ලකුණු” පහළ වී තිබේ.
- රසික මුතුගල
