April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෝමුස් සමුද්‍ර සන්ධියේ, ඉරානය විසින් බෝම්බ අතුරයි!

1 min read

ලෝකයේ ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගය වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඉරානය විසින් නාවික බෝම්බ ඇසිරීම ආරම්භ කර ඇති බව අමෙරිකානු බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, අමෙරිකානු මධ්‍යම බලඇණිය විසින් ඉරාන නාවික යාත්‍රා කිහිපයක් විනාශ කර තිබේ.

ඉරානය පසුගිය දින කිහිපය තුළ සමුද්‍ර සන්ධියේ බෝම්බ කිහිපයක් අතුරා ඇති අතර, තවත් සිය ගණනක් බෝම්බ ඇසිරීමේ හැකියාව ඔවුන් සතු බව වාර්තා වේ.

අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගේ ප්‍රකාශයකට අනුව, ඉරාන බෝම්බ නාශක යාත්‍රා ඇතුළු නෞකා 16ක් අමෙරිකානු හමුදා විසින් විනාශ කර ඇත.

ලොව බොරතෙල් නිෂ්පාදනයෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම කලාපය අවහිර වීම නිසා තෙල් මිල දැඩි ලෙස උච්චාවචනය වෙමින් පවතී. එක් බැරලයක මිල ඩොලර් 80 සිට 90 දක්වා සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින බව සඳහන් වේ.

දැනට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම අතිශය අවදානම් සහගත බැවින් එය “මරණයේ නිම්නය” ලෙස නිලධාරීන් හඳුන්වා දී ඇත.

ජනප්‍රිය පුවත්  ගංජා හේන වටලා, මාලිමා මන්ත්‍රිගේ පහර කෑමට ලක්වූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට!

ඉරාන විප්ලවීය බලකාය (IRGC) අනතුරු අඟවා ඇත්තේ මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවයි.

කුවේටය සහ ඉරාකය වැනි රටවල තෙල් නිෂ්පාදනයෙන් දිනකට බැරල් මිලියන 15ක් පමණ දැනට මෙම කලාපය තුළ සිරවී ඇති බව වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීම සඳහා G7 රටවල් සිය තෙල් සංචිත වෙළඳපොළට නිකුත් කිරීමට සලකා බලමින් සිටී.

ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය වහාම මෙම බෝම්බ ඉවත් කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් මීට පෙර කිසිදා අත්නොවිඳි ආකාරයේ දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත්ය.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x