July 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපති ඉල්ලූ ප්‍රකාශය නිමල් පෙරේරා ලබා දේ !

1 min read

මීට සතියකට පෙර, “නාමල් අල්ලන්න “බ්‍රයිබරියෝ” සහ “සිඩ්ඩෝ” ඕස්ට්‍රේලියා යති ! නිමල් පෙරේරත් “අසාද් මවුලානා” වෙන්න ලෑස්තිලු !” යන හිසින් අප ඵල කළ පුවත මගින් අණාවරණය කරන ලද පරිදි, දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයකු වූ නිමල් පෙරේරා ජනාධිපති අනුර කුමාර ඉල්ලා සිටි අන්දමේ ප්‍රකාශයක් ලබා දී ඇතැයි වාර්තා වේ.

මේ සඳහාම එරටට ගිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂමේ නිලධාරින් (“බ්‍රයිබරියෝ”) විසින් මෙම ප්‍රකාශය ලබා ගෙන තිබේ. ජනාධිපති අනුර කුමාර දුරකථනය මගින් නිමල් පෙරේරාට දන්වන ලද සීමාව ඉක්මවා මෙහිදී ප්‍රශ්න කර තිබෙන “බ්‍රයිබරියෝ” දිගින් දිගටම උත්සාහ දරා ඇත්තේ, නිමල් පෙරේරා සතුව විදේශ බැංකු ගිණුම් කිහිපයක පවතින මුදල් නාමල් රාජපක්ෂ ලබා දුන් මුදල් බව පිළිගැන්වීම ය.

ඔස්ට්‍රේලියා පවතින නිමල් පෙරේරා සතු ගිණුමක ඇති ඉතා විශාල අගයකින් යුත් මුදල් පිළිබඳව ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ එම මුදල් නාමල් රාජපක්ෂගේ බවය. එහෙත් එම මුදල් ඔස්ට්‍රේලියාවට ගෙන එන ලද ආකාරය පැහැදිලි කිරීමට නිමල් පෙරේරා අසමත්ව තිබේ.

ජනප්‍රිය පුවත්  ඉතිහාසයේ වැඩිම වෙළඳ පරතරයට ලංකාව ගොදුරු වේ !

කෙසේ වෙතත්, මේ වන විට එම ඕස්ට්‍රේලියානු සංචාරයේ නිරත වූ “බ්‍රයිබරියෝ” සහ C.I.D. යේ නිලධාරින් (“සිඩ්ඩෝ”) ලංකාවට පැමිණ තිබේ.

අපගේ ආරංචි මාර්ග අනුව නිමල් පෙරේරා නාමල් රාජපක්ෂ අමාරුවේ දැමීමට ලබා දී තිබෙන ප්‍රකාශය ඕස්ට්‍රේලියානු නීතිය අනුව එරට දී ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට හේතුවන්නක් බව පැවසේ. මේ හේතුව මත බියට පත්ව සිටින නිමල් පෙරේරා තම හිතවතුන් සමග පවසා ඇත්තේ, ජනාධිපති අනුර පොරොන්දු වූ සීමාව ඉක්මවා නිලධාරින් ප්‍රශ්න කළ නිසා තමන් අමාරුවේ වැටුණු බවය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ ආරංචිමාර්ග පවසන්නේ, අදාළ ප්‍රකාශය නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගෙනයාමට තරම් ශක්තිමත් ප්‍රකාශයක් නොවන බවය. නාමල් රාජපක්ෂ විසින් ලබා දුන්නේයැයි කියන මුදල් ඕස්ට්‍රේලියාවේ බැංකුවකට ගිය අන්දම පැහැදිලි කිරීමට නිමල් පෙරේරා අසමත්වීම ඊට බලපා ඇති හේතුව වී තිබේ.

  • රංගන පෙරේරා
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x