June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හනීෆ් යුසුෆ්ගෙන් සමාජ මාධ්‍යයට පගාවක්!

1 min read

ජනාධිපති අනුර කුමාරගේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ගජ මිතුරකු වූ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් ඊයේ රාත්‍රියේ දී මෙරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රැසකට සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී තිබේ. එය සිදු කොට ඇත්තේ කොළඹ අමාරි සුඛෝපභෝගී හෝටලයේදී ය.

මෙම රාත්‍රී භෝජන සාදයට ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට සේම විපක්ෂයට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ද ආරාධනා පිරිනමා තිබේ. මේ අවස්ථාවට පෞද්ගලිකවම සහභාගී වී ඇති බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා, ආණ්ඩුව දැන් ස්ථාවර බවත්, තමන් සිය ව්‍යාපාරික කටයුතු පවා අන් අයට පවරා මෙම කාර්යයට අවතීර්ණ වුණේ රට ගැන සිතා බවත් අවධාරණය කර තිබේ.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින්, ආණ්ඩුව අසාධාරණ ලෙස විවේචනය කරන විමල් වීරවංශ, වරුණ රාජපක්ෂ වැනි පුද්ගලයන් ඉලක්ක කොට ප්‍රබලව විවේචනය කළ යුතු බවත් ඔහු පෙන්වා දී ඇත. එම දෙදෙනාට ආණ්ඩුව පැත්තෙන් ප්‍රහාරය එල්ල වන බැවින්, විපක්ෂයට බර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙතින් ඔහු ඉල්ලා ඇත්තේ එම දෙදෙනාට විපක්ෂයේ පැත්තෙන් ද ප්‍රහාරයක් එල්ල කරන මෙන්ය .

ජනප්‍රිය පුවත්  හදිසියේ කැබිනට් සංශෝධනයක්! විස්තරේ මෙන්න!

සියයකට අධික සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් මීට සහභාගී වී සිට ඇත. මත්පැන් ඇතුළු බොහෝ දෙයින් සම්පූර්ණ වී තිබූ සාදය මධ්‍යම රාත්‍රිය ඉක්මවා යන තුරු ද පැවැත්වී තිබේ.

සාදයෙන් නික්ම යන අවස්ථාවේදී සෑම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුටම “ලැප්ටොප්” බෑගයක් හා රුපියල් ලක්ෂයක් වටිනා තෑගි වවුචරයක් පිරිනමා තිබේ.

මේ සඳහා වැය වූ මුදල බස්නාහිර පළාත් සභාවේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා ගත් තිදෙනකු විසින් දරන ලද බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග අප වෙත දන්වා තිබේ.

රවිඳු තීක්ෂණ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x