April 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

”ලූස් මෝෂන්”

1 min read

අපේ ජනාධිපති ඇත්තටම මරුය! උන්දෑට ”ලූස් මෝෂන්” වූ විට යන්නේ වැසිකිළියට නොවේ. උන්දෑ එන්නේ පාර්ලිමේන්තුවට ය. උන්දෑගේ ”වැසිකිළිය” පාර්ලිමේන්තුව ය.

මෙවර උන්දෑට ”ලූස් මෝෂන්” වී ඇත්තේ ගල් අඟුරු ය. ගල් අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොරව කෑවොත් ”ලූස් මෝෂන්” වන්නේ ය. උන්දෑට ”ලූස් මෝෂන්” වී ඇත්තේ ගල් අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොරව කාලා ය.

ආණ්ඩුව බලයට පත් වී තාමත් වසර 2ක් ගත වී නැත. එයින් කියැවෙන්නේ ”ලූස් මෝෂන්” වීමට තරම් කාලයක් නැති බවය. එහෙත් මේ ආණ්ඩුවට නම් ප්‍රමාණවත් කාලයට කලින් ”ලූස් මෝෂන්” වේ. එයට හේතුව කුමක් ද?

නියමිත කාලයට පෙර ”ලූස් මෝෂන්” වීමට නම් බලපෑ හැකි හේතු මෙසේ ය.

I. කුඩා කාලයේදීම ඉවක් බවක් නොමැතිව හොරා කෑම.

II. හොරා කෑමේදී තබාගත යුතු අවම සංයමය නොපැවතීම.

මේ හේතු එකක් නිසා හෝ දෙකම නිසා මෙවැනි ආණ්ඩුවකට මෙපමණ කෙටි කාලයකදී ‘‘ලූස් මෝෂන්” වීමට හැකිය. එය, අපගේ නොව විශේෂඥ දේශපාලන වෛද්‍ය මතය බව සැලකුව මනා ය.

ජනප්‍රිය පුවත්  ඊළඟ ''ශාපය" කුමක් ද?

පසුගිය 7 වැනිදා ද ජනාධිපති අනුර කුමරුන්ට තදබල ලෙස ”ලූස් මෝෂන්” තත්ත්වයක් උද්ගත විය. ආණ්ඩුව තුළ ඉන්නා බිමල් රත්නායක වැනි පඩත්තලයන් ගල් අඟුරු වංචාව පිළිබඳ චෝදනාවෙන් ගැලවීම පිණිස බලශක්ති කුමාරයාව එම තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපති කුමාරයාට බල කිරීම, එදින අතිවිශේෂ ”ලූස් මෝෂන්” තත්ත්වයක් උද්ගත වීමට හේතු වී ඇත. බලා සිටීමට වේලාවක් නොවූ බැවින් ජනාධිපති කුමාරයා වහ වහා පාර්ලිමේන්තුව කරා අවතීර්ණ වූවාය. එහි සභා ගැබ මැදට පැමිණි හෙතෙම හරි බැරි ගැහී, සිතේ හැටියට බඩේ වේදනාව පිට කර දැමුවේ අධෝවාතය ද ඊට එක් කරමින්ය.

අධෝවාතය ද සහිතව ”ලූස් මෝෂන්” වන විට ඇති වූ සනීපයේ උච්චතම තැන්හි ජනාධිපතිවරයා මෙසේ විමසා සිටියේ ය.

”අපි ගල් අඟුරු ගේන්නේ කාලා බලලා ද?”

අම්මපා ඇත්ත ය. ජනාධිපති කුමාරයා කුඩා සමයේ කඩල හා ටොෆි, සිගරට් විකුණු කොච්චිය නම් ”අඟුරු කකා” එහාට මෙහාට ගිය බව සැබෑ ය. එහෙත් අඟුරුවලින් දත් මැද්ද ද ජනාධිපති කුමාරයා කවර කලෙකවත් අඟුරු කාලා නැත. ඒ නිසා එතුමාණෝ ගල් අඟුරු කුමන රස දැයි දන්නේ නැත.

ජනප්‍රිය පුවත්  අල්ලාපන් බං ඔට්ටූ!

යමක රස දන්නේ කෑවොත් ය. එහි ගුණ දන්නේ පත්තියම් වූ පසුය. නොකෑ ගල් අඟුරුවල රස හෝ ගුණ දැනගන්නට කිසිම විදිහක් නැත. අප මහා ජනාධිපති කුමාරයාණෝ ඒ බව මනා ලෙස වටහාගෙන ඇත.

ගල් අඟුරුවල ගුණ අඩු යැයි කියන්නේ ඒවා කෑ වුන් ය. එසේ කෑ වුන් ”යකඩ යකුන්” මිස අන් කවරකුවත් විය නොහැක. ජනාධිපති කුමරාට යකඩ යකාලා ගහන ‘මඩ’ අප ගණන් ගත යුතු නැත්තේ ඒ නිසා ය.

යාලුවන් වෙනුවෙන් හැම යාලුවෙකුම ඉදිරිපත් වන්නේ නැත. ඒ නිසා අපට ඉන්නේ යාලු වෙසින් සිටිනා ”මාලු” වන්ය. ජනාධිපති කුමරා චපල යාලුවෙක් නොවේ. බලශක්ති කුමරා ඔහුගේ හොඳම යාලුවා ය. බලශක්ති කුමරාට විපතක් වී ඇති විට ජනපති කුමරාට ඉන්න හිතෙන්නේ නැත. විපතට ලක්වූ බලශක්ති කුමරා වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කරන්නට ජනපති කුමරා පෙරට එන්නේ ය. එහිදී අවශේෂ කාරණා අප ජනපතිවරයාට අදාළ නොවේ.

කොහොම කොහොම නමුත් මේ මිතුරුකමට අප ගරු කළ යුතුය. නොරොච්චෝලෙට කෙළ වුණත් කම් නැත. විදුලිය බිල සියයට සියයකින් ඉහළ ගිය ද ප්‍රශ්නයක් නැත. විදුලිය පැය 24ම කැපුවත් අපට අදාළ නැත. අපට වටින්නේ මේ යාලුකමේ පරම පූජනීය නිකැලැල් ආදර්ශය ය.

ජනප්‍රිය පුවත්  අඳ ගොළු බිහිරි නීතිය

සකල ලෝකවාසී ඩෝබියනි, ඒ ආදර්ශය තව තවත් ඔසවා තබන්න! ”මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම සිටිති” යැයි කල් තියා කියා ඇත්තේ මේ යාලුකම ගැන දැනගෙනය.

යහළුකමට එහෙම නම්, අනික්වාට කොහොම ඇද්ද?

අනික්වා යනු කුමක්දැයි අපෙන් විමසීම අකැපය. අනික්වා අනික්වාමය! ඒවා ගැන අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් නැවත වරක් ”ලූස් මෝෂන්” තත්ත්වයකට පාත්‍ර වී පාර්ලිමේන්තු පැමිණීමට අප මහා ජනාධිපති කුමරාට සිදු විය හැකිය! එවිට එතුමාණෝ මෙසේ විමසනු ඇත්තා හ.

”මම කටින් වචන පිට කරන්නේ කාලා බලලා ද?”

දැන් දීපල්ලකෝ උත්තර!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x