June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරේෂ් සලේ, රට වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ විශාල සේවාවක් කළා.. – මුලතිව් හිටපු ආඥාපති මේජර් ජෙනරාල් උදිත රාජපක්ෂ

1 min read

ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉටුකළ කාර්යභාරය අතිමහත් බව මුලතිව් හිටපු ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදිත රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වුණු ආශිර්වාද පූජාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආඥාපතිවරයා අවධාරණය කළේ, මෙරට ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා සුරේෂ් සලේ මහතා දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද සුවිශාල සහ අතිශය රහසිගත මෙහෙවරක් ඉටුකළ බුද්ධි අංශ නිලධාරියෙකු බවයි.

රටේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ මෙවැනි නිලධාරීන්ට එරෙහිව එල්ල වන විවිධ චෝදනා සහ අවලාද පිළිබඳව තමන් කනගාටු වන බවත්, ඔහු කල සේවය රට වෙනුවෙන් කැපවුණු සැබෑ රණවිරුවන් සැමවිටම අගය කරන බවත් හිටපු ආඥාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x