සම්බා සහ කීරි සම්බා වෙනුවට වෙනත් හාල් වර්ගයක්
1 min read
මෙරට වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ජනාධිපති අනුර දිසානායක විසින් නිකුත් කර තිබේ.
සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට විසඳුමක් ලෙස පොන්නි සම්බා සහ කීරි/පාල් පොන්නි සහල් ඇතුළුව GR 11 ලෙස හඳුන්වනු ලබන සහල් මෙට්‍රික්ටොන් 1,040ක උපරිම ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව ඕනෑම ආනයනකරුවෙකුට පසුගිය අප්‍රේල් පළමුවැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ ආනයනය කිරීමටත් එම සහල් තොග මැයි මස 31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමටත් අනුමැතිය හිමිව තිබේ.
ආනයනය කරන එකී සහල් වර්ග ආනයනය කරන ආනයනකරුවන්, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේන් නිදහස් කිරීමටත් අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් මෙලෙස නිකුත් කර ඇත.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
