June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්!

1 min read

2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 183,979ක් වන අතර, එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 19.7%ක පසුබැස්මක් බවද වාර්තා වේ.

නවතම දත්ත අනුව, මාර්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව වෙතින් වන අතර එම සංඛ්‍යාව 47,533ක් (26%)කි.

තවද, එක්සත් රාජධානියෙන් 18,092, රුසියාවෙන් 15,685ක්, ජර්මන් 13,429ක්, චීනයෙන් 14,064ක් සහ ප්‍රංශ ජාතිකයින් 8,359ක් ද මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව, 2026 ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 740,634ක් ලෙස වාර්තා වේ.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x