September 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සංඥා පද්ධතිය වැඩ නැති තලෙයිමන්නාරම් දුම්රිය ධාවනය කරන්න ඇමතිගෙන් නියෝග..- දුම්රිය ස්ථානාධිපතිවරුගෙන් දැඩි විරෝධයක්..

1 min read

මගී ආරක්ෂාව පිළිබඳ අවම පහසුකම් හෝ සම්පූර්ණ නොකර, අක්‍රීය වී ඇති සංඥා පද්ධතිය සහිත තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ නැවත දුම්රිය ධාවනය ආරම්භ කිරීමට ගෙන ඇති තීරණයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

වසරකට ආසන්න කාලයක් අලුත්වැඩියා කටයුතු සඳහා වසා තැබූ මෙම මාර්ගය, සංඥා පද්ධතිය යථා තත්ත්වයට පත් නොකරම හදිසියේ විවෘත කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාගේ බලපෑම මත බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පෙන්වා දෙන්නේ.

තලෙයිමන්නාරම පමණක් නොව දිවයින පුරා දුම්රිය ස්ථාන රැසකම සංඥා පද්ධති සහ මගී පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ බරපතල ප්‍රමාදයන් පවතින බවත්, යම් හදිසි අනතුරක් සිදු වුවහොත් එහි වගකීම භාර ගන්නේ කවුරුන්දැයි සංගමය ප්‍රශ්න කර සිටියි.

තමන් රජයට විරුද්ධ නොවන නමුත්, වෘත්තීය සමිතියක් ලෙස මගී ජීවිත අවදානමේ හෙළන මෙවැනි අනාරක්ෂිත තීරණ හමුවේ නිහඬව සිටිය නොහැකි බවත්, සංඥා පද්ධති අක්‍රීයව පවතින පසුබිමක දුම්රිය ධාවනය කිරීමට ගෙන ඇති මෙම තීරණය වහාම අත්හිටුවිය යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  පොලිස්පතිට එරෙහිව නීතිඥ සංගමයෙන් මෙහෙයුමක්!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x