අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට අදාළ කෙටුම්පත කඩිනමින් ගේනවා – ඇමති වසන්ත සමරසිංහ
1 min read
අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් රජය විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත බව අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙසේ ද පැවසීය.
“අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියේදී එනවා. ඒකටත් අපි දිනයක් ගත්තාම විපක්ෂයට අලුතින් දේවල් කියන්න, අලුත් දේවල් හොයාගන්න සිද්ධ වෙයි. ඒ ව්‍යවස්ථා සංශෝධනයත් අපි ඉස්සරහට ගේනවා.”
මීගමුව බන්ධනාගාර ගැටුම මුල් කරගනිමින් විපක්ෂය එල්ල කරන චෝදනා හමුවේ රජය නොසැලෙන බවත්, අධිකරණ පද්ධතියේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා පැවැසීය.
