September 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සංගීත ප්‍රසංගයේ ලක්ෂ 45කට විද සංවිධායක අතුරුදන්

1 min read

කුරුණෑගල මලියදේව විදුහලේ ශ්‍රවණාගාරයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයකට අදාළ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.

ඉතා ප්‍රසිද්ධ ගායකයන් තිදෙනකුගේ සහභාගිත්වයෙන් “මතක ස්වර” නමින් පසුගිය සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම ප්‍රසංගය පුද්ගලයන් දෙදෙනකු එක්ව සංවිධානය කර තිබූ එකක් බව වාර්තා වේ.

මෙහි ටිකට්පත් රුපියල් 2500 සිට 7500 දක්වා වන මිල ගණන් යටතේ අලෙවි කර තිබූ අතර සංගීත ප්‍රසංගයට සහභාගි වන බවට ප්‍රසිද්ධ කර තිබූ ගායකයන් තිදෙනාට තිබෙන ජනප්‍රියත්වය නිසාම ප්‍රසංගයේ ටිකට් පත් බොහෝ දුරට විකිණී අවසානව තිබූ බවද පැවසේ.

මෙම ප්‍රසංගයේ ටිකට් පත් දිවයිනේ ප්‍රසිද්ධ පොත් අලෙවිසල් ජාලයක කුරුණෑගල පිහිටි ශාඛාව මගින් අලෙවි කර තිබී ඇත.

සංගීත ප්‍රසංගයට දින දෙකක් පමණ ඉතිරිව තිබියදී ප්‍රසංගයේ ටිකට් පත් අලෙවියෙන් එකතු වී තිබූ රුපියල් ලක්ෂ 45 ක පමණ මුදලක්ද රැගෙන එහි එක් සංවිධායකවරයකු අතුරුදන්ව ඇත. ඒ අනුව එම ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුව ඇත. මේ හේතුවෙන් ප්‍රසංගය නැරඹීමට මුදල් ගෙවා ටිකට් පත් මිලදී ගත් පිරිස්ද අසීරුතාවට පත්ව සිටිති.

ජනප්‍රිය පුවත්  ඉරානයේ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි පත්වෙයි

අතුරුදන්ව සිටින සංවිධායකවරයා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ අයකු බවට හඳුනාගෙන තිබෙන අතර එම පුද්ගලයා කුරුණෑගල පොත් අලෙවිසලට පැමිණ ටිකට් පත්වලට ලැබී තිබූ මුදල්ද රැගෙන යන ආකාරය එහි සවිකර තිබෙන සීසීටීවී දර්ශන මගින් මේවනවිට සමාජ මාධ්‍ය හරහා ද ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මෙම සැකකරු මීට පෙරද කුරුණෑගල නගරය ආශ්‍රිතව විවිධ ඉසව් සංවිධානය කරන ලද අයකු බවට ද හඳුනාගෙන තිබේ.

මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේගේ උපදෙස් අනුව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න කොබ්බෑවලගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x