වෙනත් අයගේ සිත් රිදේවි කියා දළදා පෙරහැර කොට කරන්න උගත්කමක් නැති අම්බරුවෝ සැරසෙනවා.. – උලපනේ හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්
1 min read
වර්තමානයේ පෙරහැර පවත්වන පිළිවල තීරණය කරන්නේ සංවිධායකවරුන් විසින් නොවන බවත්, එය පාතාලයන් විසින් සිදුකරමින් සිටින බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
වෙනත් අයගේ සිත් රිදේවි කියා දළදා පෙරහැර කොට කිරීමට ආණ්ඩුව තුළ සිටින අධ්‍යාපනයක් නොලැබූ නියෝජ්‍ය ඇමතිකම් දරන පුද්ගලයන් කෑකෝ ගසමින් සිටින බවත් උන්වහන්සේ සඳහන් කරති.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (27) පස්වරුවේ පැවති සඟ සමුළුවට එක්වෙමින්.
ෙශාසනාරක්ෂක සංඝ සභාව ”සුඛා සංඝස්ස සාමග්ගී” තේමාවෙන් සංවිධාන කළ මහ සඟ සමුළුව ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණි.
