පාතාල තර්ජන මැද අද දෙවිනුවර කාවඩි නටයි.. පෙරහැරට පොලිස් ආරක්ෂාව..
1 min read
දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (28) පැවැත්වෙන කාවඩි නර්තනය සහිත පෙරහැර සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය ද පෙරහැරේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවය.
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය මත එම නර්තනය මෙවර නතර කිරීමට පොලිස්පතිවරයා විසින් පසුගියදා නිර්දේශ කර තිබුණි.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අතර එහිදී පසුගිය වසරවල කාවඩි නර්තනය සඳහා සහභාගී වූ සියලු කණ්ඩායම්වලට මෙවරද කාවඩි නර්තනය සඳහා අවසර ලබාදුනි.
ඒ අනුව පොලීසියේ සෘජු අධීක්ෂණය යටතේ අද දිනයේ දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය කාවඩි නර්තනය ද සමග විදී සංචාරය කිරීමට නියමිතයි.
