July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම අල්ලසක්.. ජන මත විචාරණයක් අවශ්‍යයි” – හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

1 min read

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ලද මාරාන්තික පහරක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අවධාරණය කරයි.

හිරු නාලිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, මෙම පියවර ව්‍යවස්ථාපිත ප්‍රතිපත්තීන්ට පටහැනි මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍ය බලයට සිදුකරන බලපෑමක් බවයි.

මෙම තීරණය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කරමින් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙන්නේ, මෙය රජය විසින් විනිසුරුවරුන් වෙත පිරිනමන ලද ප්‍රසාද දීමනාවක් හෙවත් අල්ලසක් ලෙස හැඳින්විය හැකි බවයි.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ බලය යනු ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් බවත්, එවැනි වැදගත් ව්‍යුහයක වෙනසක් සිදු කරන්නේ නම් එය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතු බවත් ඒ මහතා පවසයි.

“විශ්‍රාම යන වයස තීරණය කර තිබෙන්නේ යම් ප්‍රතිපත්තියක් මතයි. 1978 ව්‍යවස්ථාව සකස් කළ අය ඉතා බුද්ධිමත් ලෙස අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි මෙම වගන්ති ඇතුළත් කර තිබෙනවා. දැන් සිදුවන්නේ එම ස්වාධීනත්වය දේශපාලන අවශ්‍යතා මත පාවා දීමක්,” යැයි සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනප්‍රිය පුවත්  මැයි 18 ‘ජනසංහාර අනුස්මරණ දිනය’ ලෙස නම් කරන්න ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අලුත් මහ ඇමති විජේගෙන් ඉල්ලයි.

විනිසුරුවරුන්ගේ වයස ඉහළ දැමීම හරහා අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව අඩුවිය හැකි බව පෙන්වා දෙන ඒ මහතා, පැරණි විනිසුරුවරුන් දිගින් දිගටම සේවයේ රැඳී සිටීම නිසා තරුණ සහ දක්ෂ විනිසුරුවරුන්ට ඉහළ තනතුරුවලට පැමිණීමට ඇති අවස්ථාව ඇහිරී යන බව ද සඳහන් කළේය.

ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යය වැනි රටවල පවතින ක්‍රමවේද මෙරටට ආදේශ කිරීම ප්‍රායෝගික නොවන බවත්, ලංකාවේ ව්‍යවස්ථාව මෙරටට අනන්‍ය වූ බුද්ධිමය පදනමක් මත සකස් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x