රංග “මිසින්” !
1 min read
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂමට ඊයේ යන විට, එම කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක කොමිෂමට පැමිණ සිටියේ නැතැයි වාර්තා වේ. පොලීසිය විසින් සිදු කරන ලද පූර්ව දැනුම්දීමකට අනුව එදින සේවයට නොපැමිණ සිටීමට ඔහු තීරණය කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතා සුහදව පිළිගෙන ඇති අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂමේ නිලධාරීන්, රංග දිසානායක විවේචනය කිරීමද සිදු කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා සමඟ ය.
” මූට පිස්සු සර් ! පුදුම උද්දච්ඡ කමක් තියෙන්නේ. ඌ හිතන් ඉන්නේ හැමදාම ඌ මේකෙ අධ්‍යක්ෂ ජනරාල් කියලා.” යනාදී ලෙස මෙහි දී කොමිෂමේ සේවකයන් පවසා තිබේ.
- රවීන්ද්‍ර කහටපිටිය –
