ගොවීන්ට නොමිලේ බෙදන්න ලෝක ආහාර සංවිධානය දුන් පොහොර ආණ්ඩුවෙන් විකුණලා
1 min read
පසුගිය රජය සමයේ ලෝක ආහාර සංවිධානය මගින් ගොවීන්ට නොමිලේ බෙදා දීම සඳහා ලංකාවට ලබාදුන් පොහොර මේ ආණ්ඩුව විකුනමින් සිටින බව හිටපු කෘෂි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මේවන විට රටතුළ දැඩි පොහොර හිඟයක් පවතින බවත්, ඇමතිවරු කෙසේ කීවත් වෙළෙඳපොළේ පොහොර මිලදී ගැනීමට නොමැති බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම, කළු කඩ වෙළෙඳපොළේ මේවන විට පොහොර මිටිය රුපියල් 19,000ක් පමණ වන බවද ඔහු පවසා සිටියා.
හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මෙම අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
