June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමරිකාවට යන්න කලින් හර්ෂ රනිල්ව හමුවේ !

1 min read

ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා මෙරටින් පිටත්ව ගිය ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා දිවයිනෙන් පිටත්ව යාමට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසී තිබේ. ඒ, මල් පාරේ පිහිටි වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී ය.

තමන්ට ආණ්ඩුව තුළට පැමිණ මුදල් ඇමතිකම බාර ගන්නැයි ආරාධනාවක් තිබෙන බව ඔහු මෙහිදී හිටපු ජනාධිපතිවරයාට පවසා ඇත.

තම පක්‍ෂයේ නායකයාට අවශ්‍ය වී ඇත්තේ තමන්ව ආණ්ඩුව තුළට යැවීමට බව ද පවසා ඇති ඔහු, එසේ ආණ්ඩුවට එකතු වී තණතුරු ගැනීමට තමන් මෙතෙක් තීරණය කර නැතැයි ද පවසා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියා කලාපය පිළිබඳව තමන්ට ඇත්තේ බලවත් කලකිරීමක් බව පවසා ඇති ඔහු, ඇමරිකානු සංචාරය නිමා වූ පසු තම තීරණය ප්‍රකාශයට පත් කරන බව ද පවසා ඇත.

පසුගිය දා X පණිවුඩයක් තැබූ හර්ෂ ද සිල්වා එහි සටහන් කර තිබුණේ “අවසන් මොහොතේ දී රට වෙනුවෙන් ඕනෑම බාරධූර අභියෝගයක් භාර ගැනීමට” තමන් සූදානම් බවයි.

  • තිළිණි අපෝන්සු –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x